මහින්දානන්ද පාද යාත්‍රාවෙන්ම ආණ්ඩුවට එක්වන ලකුණු

Published in පුවත්
Tuesday, 26 July 2016 14:49

මහින්දවාදීන්ගේ පාද යාත්‍රාවෙන් පසුව ශ්‍රි ලනීපයේ මෛත්‍රී පාර්ශ්වයට එක්වී සම්මුතික ආණ්ඩුවේ ඇමතිධුරයක් දවා යෑමට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් පසුගිය දින කිහිපයේ මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු සමඟ රහස් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා සාර්ථක වී ඇති බවද වාර්තා වෙයි. ඒ අනුව මෛත්‍රී පාර්ශවය දැනුම්දෙන තීරණාත්මක අවස්තාවකදී මහින්දානන්ද මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සහය පළකර ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇත.

මේ පිළිබඳ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය හිතවතුන් කිහිපදෙනෙකු සමඟද පවසා ඇති අතර තමන්ගේ මේ තීන්දුවට හේතුව බැසිල් රාජපක්ෂගේ ඩීල් දේශපාලනය බවද එහිදී පවසා ඇත.

වැඩිදුරටත් වාර්තා වන අන්දමට මහින්දවාදීන්ගේ මුලිකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව දේශපාලන පක්ෂයේ ප්‍රධානියා ලෙස පත්කොට තිබෙන්නේ බැසිල් රාජපක්ෂ වන අතර මහින්දානන්ද දිගින් දිගටම ඊට විරුද්ධව පෙනීසිට ඇත. ඒ පිළිබඳ පෞද්ගලිකව මහින්ද රාජපක්ෂව දැනුවත් කරන්නට ඔහු කටයුතු කර ඇති නමුත් මහින්ද ඒ ගැන එතරම් තැකීමක් සිදුකර නැත.

පසුබිමේ බැසිල් තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ දැමු ඩීල් එකද ශ්‍රීලනිප මන්ත්‍රී මහින්දවාදී කණ්ඩායම හෙළිකර ගන්නේ ඔය අතරතුරය. ඒ දැනගත් විගස ශ්‍රීලනිප මහින්දවාදී මන්ත්‍රී කණ්ඩායම අදාළ කාරණය ගැන පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කර ඇති අතර එහිදී මහින්දානන්ද මන්ත්‍රීවරයා ගෙන ඇති ස්ථාවරය වී ඇත්තේ මහින්ද ඇතුළු සහෝදර සමාගම එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් පව් කමාකර ගැනීමේ සුදානම හමුවේ තවදුරටත් ආණ්ඩු විරෝධයක සිට කටයුතු කිරීම අවධානම් සහගත බවත් එසේ කළහොත් මහින්දගේ පවුත් තමන්ගේ කරපිටින් යාමට ඉඩ ඇති බවය.

මහින්දානන්දගේ මේ ස්ථාවරය පසුව රාජපක්ෂ සහෝදරයින්ගේ කනට ගොස් ඇති අතර ඔවුන් එතැන් පටන් සුක්ෂමව ඔහුව තීරණාත්මක දේශපාලන කටයුතු වලින් ඈත් කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us