ආඳාදොල ධම්මිකට දෙනකම් පියසේනට නින්දයන් නෑලු. සිරිසේනටත් වගේ වගක් නැතිලු

Published in පුවත්
Saturday, 02 July 2016 16:17

ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳාදොල හරස් කර ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් ඉදිකරන කුඩා ජල විදුලි බලාගාරය මගින් සිදුවන දැවැන්ත පාරිසරික හා සමාජීය විනාශය නොතකා හැර එය කෙසේ හෝ ධම්මික පෙරේරා වෙත ඉ‍ටු කර දීමට ගාල්ලෙ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ පජාත දෙශපාලුවකු වන පියසේම ගමගේ දැඩි උත්සහයක් ගනිමින් තිබේ.

මෙම ජල විදුලි බලාගාරය නිසා සිදුවන විනාශය ගැන තව දුරටත් අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. ඒ ගැන බොහො විද්වතුන් මේවන විට ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද කිහිප වතාවක්ම දැනුම්වත් කිරීමට එම ප්‍රදේශ වාසීන් හා පරිසරවේදීන් කටයුතු කර තිබුණද ජනාධිපතිවරයා ද වගේ වගක් නොමැතිව සිටී. එහෙත් ධම්මික පෙරේරා ඔහුට වැදගත්ය. ධම්මික පෙරේරාගේ වත්කම ඔහුට ඊට වඩා වැදගත්ය.

වේදිකා ගානේ පරිසරය ගැන නන්දොඩවන ජනාධිපතිවරයාට තවම මේ රටේ එකදු පාරිසරික ප්‍රශ්නයකට හෝ උත්තරයක් දීමට සමත් වී නොමැත. පරිසරය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වන්නෙද නැත. මෙරට පරිසර ඇමැතිධුරයද ජනාධිපතිවරයා පවරාගෙන තිබුණද එම ආමාත්‍යංශ්‍යය වල් වැදි තිබේ. පරිසරය ගැන සංවේදි කිසිවකුත් එම අමාත්‍යංශයෙ නැත. ඉන්නෙ පට්ට හොරු ටික දෙනෙකි. වුන් පරිසරය විකුණා බඩ ගොස්තරය සොයා ගනී. මේ නිසා ජනාධිපතිවරයා මේ රටේ පරිසරය සම්බන්ධයෙන් කිසිදු සාධනීය ක්‍රියා මාර්ගයක් ගන්නෙ නැති බව පැහැදිලිය. මේවන විට ඔහුට කළ හැකි දෙයක් නොමැති බවද ඔහු විසින්ම පෙන්වා දී තිබේ.

ජනාධිපතිධුරය ලබා ගත් මුල් කාලයේදි කිවේ තමන් විධායක බලතල පාවිච්චි කරන්නේ පරිසරය රැකීම වෙනුවෙන් පමණ්න් බවය. නමුත් අද වෙනකම් තණ කොළ ගසක් වත් ඒ විධායක බලතල පාවිච්චි කර රැක ගැනීමට තරම් සමත් කමක් ඔහු පෙන්වා නැත.

ඒ කේසේ වෙතත් නෙළුවේ සබුද්ධික ජනතාව මේ ලෝකයක් වටිනා සුන්දර ආඳාදොල ‍රැක ගැනීම සඳහා මේ වන විට දැඩි අරගලයක නිරතව සිටී.

ඉන්ධන පිරවුම් හලක් වෙනුවෙන්. ගාල්ලෙ ගිං ගඟ විනාශ කළ පියසේන ගමගේ වැනි පරාජිත පජාත දේශපාලකයකුට ගාල්ලේ සංවර්ධන කමි‍ටු සභාපති කමක් ලබා දී ජනාධිපතිවරයා ගත් කාලකණ්නි පියවර නිසා අද පියසෙන ගමගේ, ධම්මික පෙරේරාගේ වුවමනාව වෙනුවෙන් විධායකයේ බලතල අනියම් ලෙස යෝදා ගනිමින් මෙම ව්‍යාපෘතියට එරෙහිව සිටින රාජ්‍ය නිළධාරීන්ට තර්ජනය කරමින් සිටින බව අපට වගකිමෙන් යුතුව පැවසිය හැකිය.

මේවා සිදුවන්නේ නිකම් නොවේ. ධම්මික පෙරෙරා යනු මෙරට අංක එකේ කෝටිපතියාය. රාජපක්ෂ පාලන සමයේදීත් වත්මන් මෛත්‍රී + රනිල් යහපාලන ආණ්ඩුවේද නොම්මර එකේ ගේම් කාරයෙකි. පියසේන ගමගේලා මේ මීයට ඇඟිලි ගසන්නෙ නිකම් නොවේ. අත පුරෝලා පැණි කන්නටය. එකෙ සැකයක් නැත. සල්ලි දැක්කාම මළ මිනීත් දිව දිකරනවා යැයි කියන්නේ මේ වැනි ජඩ මළ පෙරේත දේසපාලුවන් නිසාය.

එමෙන්ම ඊයේ පෙරේදා ආරංචි වූ අලුත්ම කතාව, ජනාධිපති සිරිසේන විසින් ඇමැති කමක් දී මේ රටේ බදු ගෙවන ජනතාවගෙන් අයකර ගන්නා මුදලින් පඩි ගෙවන කිසි වැඩකට නැති ඇමතිවරයකු වූ සරත් අමුණුගමද ඊයේ පෙරේදා මේ ව්‍යාපෘතියට එරෙහිව අවංකව පෙනී සිටින නිළධාරීන් කැඳවා තගක් දැමූ බවය. සරත් අමුණුගමලා වැනී වුන් රාජපක්ෂ ස්මයේදිත් කළේ තනිකරම ඩීල් ය. දැනුත් කරන්නේ ඩීල්ය. ජනාධිපතිවරයා කියන යහපාලනය මේවන විට තනිකරම විගඩම් මඩුවක් වී ඇති බවට මේවත් උදාහරණය.

මේ වන විට ධම්මික පෙරේරාගේ සමාගම විසින් පරිසර සම්බන්ධයෙන් හෝ තමන්ගේ අනාගත පරපුරට හෝ මේ ජල විදුලි බලාගාරය නිසා සිදුවන විනාශය ගැන කිසිවක් නොදන්නා අසරණ ජනතාව මුලා කොට මෙම විදුලි බලාගාරය අවශ්‍ය බවට අත්සන් ලේඛනයක්ද ගෙන තිබේ. එහිදී මුල් සැලසුම අනුව ආඳා දොල හිඳී යාමට නියමිතව තිබූ කිලෝ මීටර 5.8 වෙනුවට එය කිලෝමිටරයක් දක්වා අඩු කරන බවටද මෙම සමාගම ගම් වාසීන්ට දන්වා තිබේ. එහෙත් ඒ වෙනුවෙන් කිසිදු සැලසුමක් හෝ ඒ සිදු කරන ආකාරය ගැන හෝ කිසිදු පැහැදිලි සැලැස්මක් මේ සමාගම සතුව නොමැත. එමෙන්ම ඒ කියනා ආකරය අනුව කිලොවොට් 400ක වත් විදුලි බලයක් මේ බලාගාරය හරහා නිදවීමේ හැකියාවක් නොමැත. මහ ලොකු ආදායමක් නැති එවැනි තත්වයක් හමුවේ මේ බලාගාරය පිහි‍ටු වීම වෙනුවෙන් මේ සමාගම මේ වන විට මිලියන් ගනනින් සං‍තෝසම් වෙනුවෙන් වැය කරන්නේ කුමකටද යන්න සැක සහිතය. මේ පැහැදිලිවම රැවැටීමකි.

කොටින්ම මේ සිදු කරමින් සිටින්නේ අසරණ ප්‍රදේශවාසීන් පමණක් නොව රටම රැවැටීමකි. එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යාම පිණිස ජලීය අවශ්‍යතාවය මිස මේ ප්‍රදෙශවාසීන් බොහොමයකට මේ ජල මූලාශ්‍රය ආශ්‍රිත පාරිසරික වැදගත් කම අදාල නැත. ඒ ඔවුන්ගේ නොදන්නාකම හෝ නුගත් කම විය හැකිය. ඒ ගැන ඔවුන්ට දොස් පැවැරීම හෙතුවක් නැත එහෙත් ඒ දඩමීමා කර ගනිමින් සමාගම හා වුන්ගේ කටු ලොවමින් සිටින තක්කඩි දේසපාලුවන් හවුලේ කරමින් සිටින තක්කඩි කටයුත්ත රටේ ජනාධිපතිවරයාට හෝ තේරූම් ගැනීමට හැකියාවක් නැත. මන්ද ඔහුද තාම අසරණ ගැමියෙකු වන බැවිනි. ජනාධිපතිවරයා තමන් පරිසරය ‍රැක ගන්නා බව කියන විට....' බම්බුව තමයි' කියා කිසිවකු හෝ කීවද වැදි නැත. ඒක එහෙම්මම තමයි. ඒක වෙනස් වන්නේ නැත.

මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල්ට එම ගම්වාසීන් යොමු කරන ලද ලිපියක් පහත දැක්වේ.මෙම ලිපිය ගම් වාසීන් 475කගේ අත්සන් සහිත ලෙඛනයක්ද අමුණා තිබේ.   සමාගම විසින් ගම්වාසින්ගේ කියා සකස් කළ අත්සන් දෙසිය ගනන්කගේ ලිපියෙහි ව්‍යාජ අත්සන් , ව්‍යාජ ලිපිනයන් හා එම ආඳා දොල ආශ්‍රිතවව පඳිංචි නැති පුද්ගලයගේ අත්සන්ද තිබෙන බව හෙළිවී තිබේ.

adadola letter

 

 

Last modified on Saturday, 02 July 2016 16:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us