තාජුඩීන් ඝාතනයේ වීඩියෝ රට පටවන්න යයි

Published in පුවත්
Wednesday, 06 January 2016 10:09

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සාක්ෂි නැවත විභාග කරමින් පවතින වාතාවරණයක ඔහුගේ වාහනය ගිනිගැනීම සහ මරණය සිදුවීමට අදාල වීඩියෝ දර්ශන වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශ රටකට යැවීම සුදුසු බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය දැනුම් දී ඇත.

මෙයට හේතුව වී ඇත්තේ අදාල CCTV දර්ශන අපහැදිලිවීම නිසා මෙන්ම වීඩියෝ දර්ශනවල පෙනෙන වාහන ලියාපදිංචි අංකය සහ තාජුඩීන්ගේ වාහන අංකයේ යම්කිසි නොගැලපීමක් ඇති නිසා බව වාර්තාවේ. එසේම මාර්ගයේ ගමන්කරන වාහනවල ආලෝක ධාරා නිසාද වීඩියෝ දර්ශන එතරම් පැහැදිලි නොමැති බව පරීක්ෂකයින් වාර්තාකර ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ අදාල කැමරා එතරම් ගුණත්වයෙන් ඉහල ඒවා නොවීමයි.

ඒ හේතුවෙන් මෙම වීඩියෝ වඩාත් සූක්ෂම පරීක්ෂණ සඳහා FBI හෝ ස්කොට්ලන්ඩ්යාර්ඩ් වැනි අපරාධ පරීක්ෂණ ආයතනයක් වෙත යොමුකිරීම වඩාත් සුදුසු බවට නිර්දේශකර ඇත.

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය දිනක රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය වෙත පවසා තිබුණේ එම වීඩියෝ දර්ශනවල සිටින ප්‍රභූ පුද්ගලයන්ගේ පුත්‍රයන් ඇතුලු අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඉක්මණින්ම ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් පවසා තිබුණි.

 

සබැඳි පුවත් 

 

රාජපක්ෂ පවුල මර බියෙන්, තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි

තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි

තාජුදීන් ඝාතනයේ 4 ක් හඳුනා ගනී

තාජුදීන්ගේ දුරකතන සිම්පත මැරයන් ළඟ

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කිව්වෙ බොරු

තාජුඩීන්ගේ මරණය, ඝාතනයක් බව කියන්න නීතිපති පැකිලේ.

 

Last modified on Wednesday, 06 January 2016 10:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us