ලලිත් කුහන්ට වුණේ මොකද? කෙහෙළිය මහින්දානන්ද දන්නවා!

Published in පුවත්
Monday, 04 January 2016 14:25

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පසුගිය ජනවාරි 02 සෙනසුරාදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී ඝාතනය වූවන් ලෙස නම් කිරීමට නම් මේ දෙදෙනා පැහැරගැනීම හා ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා දැනුවත්ව සිටිය යුතු බව පොරටුගාමි සමාජවාදී පක්ෂය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

එම නිවේදනය මෙසේය.

ජන අරගල ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජු හා කුහන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 10 වෙනිදා යාපනයේදී පැහැරගැනීමට ලක්ව අද දක්වාම කිසිඳු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටී. වසර 04කටත් වැඩි කාලයක් ගෙවී ගියද තවමත් ඒ පිළිබඳ විධිමත් කඩිනම් හා විනිවිද පෙනෙනෙ සුළු පරීක්ෂණයක් සිදුකර නොමැත. ඔවුන් දෙදෙනා පැහැරගත් සමයේ පැවති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා පසුගිය ජනවාරි 02 සෙනසුරාදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී ඔවුන් දෙදෙනා ඝාතනය වූවන් ලෙස නම් කරන ලදී. ඔවුන් ඝාතනය වූවන් ලෙස නම් කිරීමට නම් මේ දෙදෙනා පැහැරගැනීම හා ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා දැනුවත්ව සිටිය යුතුය. නමුත් පොලිසිය පවසා ඇත්තේ ඒ පිළිබඳ තොරතුරු දන්නා අය සොයාගත නොහැකි බැවින් පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවය. මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා තමන් ඒ පිළිබඳව දන්නා බව හඟවා ඇති බැවින් එම ප‍්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් දියත් කරන ලෙස අදාල බලධාරීන්ට බලකර කියා සිටිමු.

පසුගිය ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත‍්‍රීවරයාද මේ සිදුවීම සිදුවූ සමයේදීම තමන් ඒ පිළිබඳව දැනුවත් බවට මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළද ඒ පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කරගැනීම පවා පොලිසිය විසින් සිදුකළේ නැත. මේ පිළිබඳව විමසීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මන්ත‍්‍රීවරයාට වසර කිහිපයක් තිස්සේ අධිකරණය නොතීසි නිකුත් කළද ඔහු අධිකරණය මගහැර සිටියේය. පසුව 2015 නොවැම්බර් 13 වෙනිදා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි යාපනය මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. මාස එකහමාරකටත් වැඩි කාලයක් ඉක්ම ගියද පොලිසිය තවමත් එම අධිකරණ නියෝගය පවා උල්ලංගනය කරමින් සිටී. මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශයක් සිදුකරන්නේ මෙවැනි පසුබිමක් තුළය.

පසුගිය ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවන්ට ගොදුරුවූවන් සඳහා සාධාරණය ඉටුකරන බවටත් සියලූ සිදුවීම් සඳහා පරීක්ෂණ සිදුකරන බවටත් පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද චූදියන් ආරක්ෂා කිරීමේ සම්මුතියක සිටින බව පෙනේ. එබැවින් මේ සියලූ ප‍්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ලලිත් කුහන් ඇතුළු සියලූ අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය හෙලිදරව් කරන ලෙසත් ආණ්ඩුවට බලකිරීමට පෙළගැසෙන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කොටස්වලින් සහ සමස්ථ ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us