රාජපක්ෂ පවුල මර බියෙන්, තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි Featured

Published in පුවත්
Tuesday, 04 August 2015 15:35

2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ බව කියති.

වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසානය සඳහා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදවා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩගැනීම පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දුන්නේය.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්,කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

lankadeepa

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us