තාජුදීන්ගේ දුරකතන සිම්පත මැරයන් ළඟ

Published in පුවත්
Thursday, 10 September 2015 08:57

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පෞද්ගලික දුරකථනයේ සිම්කාඩ් පත ඔහු ඝාතනයට ලක් කළ ඝාතකයන් විසින්ම පැහැරගෙන ඇති බව රහස් පොලිසිය විශ්වාස කරයි.

එම සිම්පත අතුරුදන් කර තිබීමේ හේතුව නිසාම කෙසේවත් එම මරණය රිය අනතුරකින් සිදුවූවක් නොවන සැලසුම්සහගත ඝාතනයක් බව රහස් පොලිසිය පවසයි. තාජුඩීන්ගේ පෞද්ගලික දුරකථනය මීට සති දෙකකට පමණ ඉහත දී නුවරඑළිය ප්‍රදේශයේ තරුණයකු සතුව තිබී රහස් පොලිසියට සොයාගැනීමට හැකි වී තිබුණි. එම තරුණයාට අයත් සිම්කාඩ්පතත් එහි ඇතුළත් කර තිබු අතර එහි තාජුඩීන්ගේ දුරකථනයට අයත් සිම්කාඩ්පත තිබුණේ නැත.

එම තරුණයාට දුරකථනය ලැබී ඇත්තේ ඔහුගේ පියාගෙන්ය. ඔහුගේ පියා කිරුළපන ප්‍රදේශයේ රැකියාව කළ අයෙකි. තාජුඩීන්ගේ මරණය සිදු වී දින දෙකකට පමණ පසු කිරුළපන ප්‍රදේශයේ එක්තරා ස්ථානයක මහමග විසිකර තිබී මෙම දුරකථනය ඉහත සඳහන් තරුණයාගේ පියාට හමු වී ඇත. ඔහු එය පරීක්ෂා කර බලන විට සිම්පත නොතිබූ අතර හිමිකරු සොයා ගැනීමට ද නොහැකි නිසා ඔහු එය ඔහුගේ පුතාට දී තිබුණි.

තාජුඩීන්ගේ මුදල් පසුම්බියද හමු වී තිබුණේ ද මෙම දුරකථනය විසිකර දමා තිබූ ස්ථානයට නුදුරු තැනක බව රහස් පොලිසිය පවසයි.

තාජුඩීන්ගේ දුරකථනයට සිදු වී ඇත්තේ කුමක්ද යන්න සොයා ගැනීමට රහස් පොලිසිය නව තාක්ෂණය ඔස්සේ විවිධ ක්‍රම හරහා සොයා බැලීමේ දී එය නුවරඑළිය ප්‍රදේශය තුළ භාවිත වන බව හෙළිකරගෙන තිබුණි.

ඒ අනුව අදාළ තරුණයා සතුව තිබී එම දුරකථනය සොයාගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට දුරකථනය ඔහුගේ පියා හරහා ලැබී තිබූ ආකාරයට අදාළ විස්තර පවසා ඇත.

තාජුඩින්ගේ දුරකථනයේ සිම්කාඩ්පත නැතත් ඔහුගේ දුරකථන අංකය හරහා සම්බන්ධ වූ සියලු දුරකථන අංක පිළිබඳව නව තාක්ෂණික ක්‍රම ඔස්සේ විශේෂඥ දැනුම ඇති නිලධාරීන් එම තොරතුරු අනාවරණය කර ගනිමින් සිටියි. මේ සඳහා දුරකථන අංක දහස් ගණනක් පරීක්ෂා කිරීමට සිදු වී තිබේ.

මේ අතර තාජුඩීන්ගේ මරණය සිදු වී තිබූ ස්ථානයේ සිදු වී ඇතැයි කියන රිය අනතුරට අදාළව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක නිලධාරී සහකාර කොමසාරිස් ජයවීර මහතා විසින් පසුගියදා සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සහ රජයේ ප්‍රධාන අධිකරණ නිලධාරිවරයා තාජුඩීන්ගේ මරණය සම්බන්ධව නැවත පවත්වන ලද පරීක්ෂණ වාර්තාව රහස් පොලිසියද සමඟ තව දින කිහිපයක් තුළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර තාජුඩීන්ගේ මරණය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් රහස් පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර එය ඝාතනයක් ද එය සිදු කළේ කවුද, කුමකටද යන්න ඉන් අනතුරුව හෙළිකර ගනු ඇත.

 

dinamina

Last modified on Thursday, 10 September 2015 09:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us