එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස්‌ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීමට පසු ගිය රජයට කිසිදු වුවමනාවක්‌ නොතිබූ බවත් වර්තමාන රජයේ දින සියයේ වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක්‌ ආපසු ගෙවීමට හැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ඔහු මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්‌ඩයට තැන්පත් මුදලින් කොටසක්‌ ගෙවීම සඳහා ඊයේ (24 ) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදීය.

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

අද (24) උදෑසන අත්අඩංගුවට ගැණුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායක මහතාගේ පෝස්ටර් තොගයක් රැගත් කැබ්රථය යුධ හමුදාවට අයත් වාහනයක් නොවන බවත් එම රථය තුළ යුද්ධ හමුදාවට අයත් සාමාජිකයින් කිසිවෙක් ගමන් නොකළ බවත් යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර අැත.

විමල්, දිනේෂ් ,වාසුදේව සහ ගම්මන්පිලගේ ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ඔවුන් මහින්ද රාජපක්ෂව පාවිච්චි කරමින් සිටින බව රෝසි සේනානායක මහත්මිය පවසයි. අැය මේ බව පැවසුවේ ඊයේ එළිදැක්වූ එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍යය හමුවට අද(24) එක්වෙමිනි.

ඉදිරි සතියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන මැතිවරණ ව්‍යාපාරයට අලුත් සටන් පාඨයක් එක් වීමට නියමිත බව වාර්තාවේ. අපේ මනාපය ගමේ එකාට පමණයි, යනුවෙන් මෙම ව්‍යාපාරය සිදු කෙරෙනු ඇති බව එම දිස්ත්‍රීක්කයේ සන්ධාන අපේක්ෂකයකු අප වෙත පැවැසීය.

පසුගියදා ඡන්ද රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ හොරා යන්න විග‍්‍රහ කර තිබිණ. ඒ අනුව සිවුරු හොරා නම් කුරුල්ලාට ඒ නම ලැබී ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. සුදු රෙදි හොරාට ඒ නම ලැබි ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. මේ විග‍්‍රහය දිගට කරගෙන යන මහින්ද රාජපක්‍ෂ තමන්ට හොරා හොරා හොරා කියන අපවාදයෙන් ගැලවෙන අලුත් සූත‍්‍රය ඉදිරිපත් කරමින් කතාව පටන් ගත්තේ එසේය.


රටට අවශ්‍යව ඇත්තේ සංසුන් මනසක් සහිත ප්‍රතිවිරුද්ධ මතවාද ඉවසා සිටීමට තරම් ධෛර්යයක් ඇති පුද්ගල පෞරුෂයක් මිසක රාජපක්ෂ මහතා වැනි සාමාන්‍ය ජනතාව සමග පොර බදන්නකු නොවන බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේ සදහන්ය.

මහින්ද රාජපක්ෂගේ දස වසරක පාලන සමය යනු තර්කයන් හා බොරුවෙන් සත්‍ය යටපත් කළ කාල පරාසයක්ම විය. දැන් ඔහු යළිත් වතාවක් උත්සාහ කරමින් සිටිනුයේ තර්කයෙන් හා බොරුවෙන් මහ පොළොවේ ඇත්ත යටපත් කිරීමටය. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා අමූලික බොරු බේගල් බව කියමින් ප්‍රචාරක යුද්ධයක් රාජපක්ෂ දැන් අරාඹා තිබේ. පුවත්පත් පිටු පුරා දැන්වීම් පළ කරමින් තම කළු චරිතයට ගිලිහුණු වටිනාකමක් ලබා ගැනීමේ බාල උත්සාහයක, හිටපු ජනාධිපතිවරයා හා ඔහුට සහාය දෙන, ඔහුගේ පහනින් දියවන්නාව තරණය කිරීමට සිහින දකින කණ්ඩායම් නිරතව සිටී. එම බොරු බේගල් සමාජ ගත කිරීමේ දී නම සදහන් කිරීමට පවා ධෛර්යයක් හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ අන්තේවාසිකයන්ට නොමැති බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මේ සිද්ධිය බරපතළ සිදුවීම් රැසක් නිර්මාණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ චරිතය උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් පසුගිය 21 වැනි දා ජාතික පුවත්පත් කිහිපයක පළ කර තිබූ දැන්වීමක සඳහන් කර ඇත්තේ තවමත් පරීක්ෂණ අවසන් නොවූ කාරණා කිහිපයක් පිළිබඳවය. එවැනි පසුබිමක මෙවැනි දැන්වීමක් පළ කිරීම යනු එම පරීක්ෂණ කටයුතුවලට කරන අයුතු මැදිහත් වීමක් බව පැහැදිලිය. අනෙක් අතට මෙම දැන්වීම පළ කර ඇත්තේ එය ප්‍රකාශයට පත් කරන්නා කවුරුන් ද යන්න පිටතට ප්‍රකාශ නොකරමිනි. එබැවින් එම දැන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි නෛතික පදනම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය වහා යොමුවිය යුතුය. ඒ මෙම ක්‍රියාවම ඉදිරියේ දී යළිත් සිදුකිරීමට ඉඩ ඇති බැවිනි.

මහ මැතිවරණය ආශ්‍රිත ප්‍රචාරක ක්‍රියාවලිය තුළ එක්සත් ජාතික පෙරමුණට දිනෙන් දින හිමිවන ඉහළ ජනතා සහයෝගය හමුවේ රාජපක්ෂ හිතවාදීන් පරාජයෙන් වියරු වැටී සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. කෙතරම් බොරු අවලාද සමාජගත කළ ද ජනවාරි 08 වැනි දා රටේ සිදු වූ නිහඬ විප්ලවය ආපසු හැරවීමේ කැමැත්තක් තමන්ට නොමැති බව ජනතාව යන යන තැන එක හඬින් රොද බඳිමින්, පෙන්වමින් සිටිති. එය දරාගත නොහැකි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීධූර අපේක්ෂකයා ජනතා නායකයෙකුට අනිවාර්යෙන් තිබිය යුතු සංසුන් මනස ද දැන් අහිමි කර ගෙන ඇත. එය හිටපු ජනාධිපතිවරයා වෙතින් ගිලිහෙමින් ඇති ආකාරය පසුගිය 21 වැනිදා අකුරැස්සේ කුප්‍රකට සිදුවීමේ දී මුළු රටටම දැනගත හැකි විය. අද මේ රටට අවශ්‍යව ඇත්තේ සංසුන් මනසක් සහිත ප්‍රතිවිරුද්ධ මතවාද ඉවසා සිටීමට තරම් ධෛර්යයක් ඇති පුද්ගල පෞරුෂයක් මිසක රාජපක්ෂ මහතා වැනි සාමාන්‍ය ජනතාව සමග පොර බදන්නකු නොවේ. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේත්, රට තුළ ස්ථාවරභාවයක් ගොඩනැගිය හැක්කේත් සංසුන් මනසක් හා ඉදිරි දැක්මක් සහිත නායකයෙකුට බව ජනතාව අද වේගයෙන් තේරුම් ගනිමින් සිටිති

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us