විමලුයි දිනේෂුයි මහින්දව කඩේ යවනවා

Published in පුවත්
Friday, 24 July 2015 15:02

විමල්, දිනේෂ් ,වාසුදේව සහ ගම්මන්පිලගේ ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ඔවුන් මහින්ද රාජපක්ෂව පාවිච්චි කරමින් සිටින බව රෝසි සේනානායක මහත්මිය පවසයි. අැය මේ බව පැවසුවේ ඊයේ එළිදැක්වූ එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍යය හමුවට අද(24) එක්වෙමිනි.

සන්ධානයේ බොහෝ දෙනෙක් තනිවම ඡන්දයට පැමිණියා නම් ජනතාවගේ එක් ඡන්දයක් වත් ලබා ගත නොහැකිවා මෙන්ම පවුලේ ඡන්ද ටික පමණක් හිමිවනු අැති බවත් පැවසුවාය. විමල් වීරවංශ තනිව මැතිවරණයට ඉදිරිපත් වූවානම් හිමිවන්නේ පවුලේ ඡන්ද ටික පමණක් බවත්,දිනේශ් ගුණවර්ධනට හා වාසුදේවට ද අත්වන්නේ එම ඉරණම පමණක් බවත්,උදය ගම්මන්පිලට අැපත් නැතිවන බවත් කීවාය.

අද වන විට සිදුව අැත්තේ මහින්ද රාජපක්ෂ මෙම පිරිසට කඩේ යන තත්වයක් බවත් උදාවීම බව අැය වැඩි දුරටත් පැවසුවාය.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ චංචා දූෂන පිළිබද තොරතුරු හෙළිකළ විට කෝ හෙරු අැල්ලුවාදැයි අසමින් මහින්දගේ හෙන්චයියන් ඔච්චම් කළ බවත් පසුව මහින්ද රාජපක්ෂම පාපොච්චාරණයක් සිදු කරමින් හොරු ඉන්නා බවත් ඔවුන් කළ වැරදි තමා වසන්කළ බවත් පැවසීම තුළ ඒ සියලු හෙළිදරව් කිරීම් සත්‍ය බව සියල්ලන්ටම පැහැදිලි වූ බවත් අැය පැවසුවාය.

කැළෑ නීතිය රජ කරවමින් දැන් යළි වැරදි හදාගැනීමට කතා කරන පාලකයෙක් පුරාජේරු කතා කිරීම ලැජ්ජා සහගත බවත් වැරදි කළ පුද්ලයන්ට FCID හමුවේ,CID හමුවේ අල්ලස් කොමිසම හමුවේ පිළිතුරු දීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී යන එන මං නැතිවන නිසා මහින්දව බලයට ගෙන ඒමට දගලන බවත් පැවසුවාය.

හිටපු ජනපති ලෙස පරාජයෙන් පසුව පැත්තකට වී පොතක් පතක් කියවමින් වැරදි මෙනෙහි කරමින් සිය පුතාගේ දේශපාලන ගමන් මග හෝ සාර්ථක කර දීමට මග පෙන්වීමක් සිදු කළා නම් එය ගෞරවනීය තත්වයක් බවත් , මහින්ද රාපක්ෂ ශ්‍රීලනිපයට සද්භාවයෙන් යුතුව උපකාර කර පක්ෂය භේද බින්න නොකර පක්ෂය ගොඩදා ගැනීමට කටයුතු කිරීම සිදු කළා නම් ඔහුට වැදගත් තත්වයක් හිමිවන බවත් පැවසුවාය.

පසුගියදා අකුරැස්සේ දී සිදුවූ සිදුවීම පිළිබදව තමා කණගාටුවන බවත් බස්වලින් සෙනග අදිමින් මහින්ද රාජපක්ෂව ජනතාව මධ්‍යට ගෙනවිත් ජනප්‍රිය කරවීමට උත්සාහ කරවීමට උත්සාහ දැරීම තුළ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙකුට අත්නොවූ සිදුවීම් වලට මහින්ද රාජපක්ෂට මුහුණ දීමට සිදු කර අැති බවත් ඒ ගැන විශාල කණගාටුවක් අැති වන බවත් පැවසුවාය.

මේ වන විට අාණ්ඩුවෙන් ඉල්ලා අස්වන බොහා් දෙනෙකුගේ අරමුණ වී අැත්තේ ඒ ඔස්සේ මනාප ලබා ගැනීම බවත් මේ වතාවේ ඒ උපාය මාර්ගයන් සාර්ථක නොවන බව සදහන් කළාය.

මහින්ද මේ වන විට අැද බාන බොරු බේගල් වලට ජනතාව නොරැවටෙන බවත් ,මේ වන විටත් ඡන්දය දෙන්නේ කාටදැයි ජනතාව තීරණය කර හමාර බවත් පැවසුවාය.

Last modified on Friday, 24 July 2015 15:04

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us