මහින්දගේ ආරක්ෂාව අඩු නොකළොත් අනෙක් අපේක්ෂකයින්ට අසාධාරණයි - පෙත්සම් දෙකක්

Published in පුවත්
Friday, 17 July 2015 14:13

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නව සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත .

හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන බව ඔහු පවසයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත්, පවසමින් ජවිපෙ අපේක්ෂක නීතීඥ සුනිල් වටගල මහතාද අද (17) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

හිටපු ජනපතිට පොලිසියෙන් 105ක්, යුද හමුදාවෙන් 104ක්, ට්‍රක් රථ 04ක්, ඩිෆෙන්ඩර් 3ක්, ලෑන්ඩ් කෘෂර් 3ක්, කැබ් 2ක්, බස් 2ක් ඇතුළු යුද හමුදා වාහන 20ක් ද ලබා දී ඇතැයි වටගල මහතා එහිදී කියා සිටියේය.

එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහන 7ක්ද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටර 750ක්ද, ඩීසල් ලීටර 1200ක්ද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, පරීක්ෂා කිරීමේ ගේට්ටු, මයින් ඩිටෙක්ටර ඇතුළු තවත් උපකරණ ද ලබා දී ඇතැයි ඔහු පෙන්වාදුන්නේය.

ඔහු විසින් ලබාදුන්‍ පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, කුරුණෑගල තේරීම් භාර නිලධාරීවරයා සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us