මහින්ද අහිමිකළ මානව හිමිකම් දැන් ලැබිලා

Published in පුවත්
Friday, 17 July 2015 14:09

මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා මෛත්‍රීපාල රජය බලයට පත්වීමෙන් පසු කාලය තුල මානව හිමිකම් ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇතැයි ඇමරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. ඇමරිකානු විදේශ කටයුතු අමාත්‍යංශයේ 2015 වර්ෂයේ මධ්‍යම කමිටු වාර්තාවට අනුව මානවහිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරි පියවරයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාමය ක්ෂේත්‍රයේ ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කර ඇතිබව සඳහන් වේ.

එම වාර්තාවට අනුව රටින් පලාගොස් සිටි මාධ්‍ය වේදීන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කිරීම, වෙබ් අඩවි වරණය ඉවත්කිරීම, විදේශිකයන්ට උතුරු නැගෙන හිර ප්‍රදේශවල සංචාරය කිරීමට අවස්ථාව උදාවීම හරහාප්‍රජාත්නත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පියවර ගෙන ඇත. එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය සඳහා හමුදා නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් පත් කිරීම හරහා දේශීය සම්බන්දත වැඩි දියුණු වී ඇති මේ වාර්තාව පෙන්වා දෙයි.

එසේම ජාතික ගීය දමිළ බසින් ගැයීමට අවසර ලබාදීම, ත්‍රස්තවාදී චෝදනා එල්ල කර තිබූ දේශපාලන සිරකරුවන් යම් ප්‍රමාණයක් නිදහස් කිරීමට කටයුතු කිරීම සහ වෙනත් ආගම් වලට එල්ල වෙමින් පැවති ජාතිවාදී ආගම්වාදී තාඩන පීඩන අඩු වීම, යුධ කටයුතු සඳහා ලබාගත් සාමාන්‍ය වසියන්ගේ ඉඩම් නැවත ලබාදීමට පියවර ගැනීම සහ උතුරු නැගෙනහිර පළාත් දෙකටම ආණ්ඩුකාරවරු ලෙස සිවිල් නිලධාරීන් පත්කිරීම සාධනීය ලක්ෂණ ලෙස එම ඇමරිකානු වාර්තාව පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us