මහබැංකු බැඳුම්කරයට අදාළ කෝප් අතුරු කමිටු වාර්තාවට අතුරු තහනම් නියෝගයක්

Published in පුවත්
Thursday, 16 July 2015 11:52

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබේ.

මෙම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර සුජීව ‍සේනසිංහ මහතාගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ජූලි 23 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු අමාත්‍ය හා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසකට ජූලි මස 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කළ බව වාර්තාවේ.

adaderana

 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us