එකම මහින්ද දෙපාරක් පරාජය කරන්න සිද්වෙලා - ගාමිනී වියන්ගොඩ(photos)

Published in පුවත්
Thursday, 16 July 2015 11:11

අද වන විට යළිත් අප පටන් ගත් තැනටම පැමිණ අැති බවත් ජනවාරි 08 වනදා පරාජය කළ මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුවී අැත්තේ පවතින කාළකණ්නි දේශපාලනය ක‍්‍රමය නිසා බව ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ(15) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ ජනවාරි 08 ජනවරම පාවාදීමට දූෂණයට මර්දනයට පවුල්වාදයට එරෙහි රැස්වීමට එක්වෙමිනි එක්වෙමිනි.

ජනවාරි 08 වනදා ඉවර කළා යැයි සිතුවාට තවම ඉවරයක් වී නැති බවත් එකම මිනිහාව කීපවතාවක් පරද්දන්නට සිදු වී තිබීම කාලකණ්නි තත්වයක් බවත් ඔහු පැවසුවේය.අද වන විට මේ පැයේ සිදුවන දේ ඊළග පැයේ වෙනස් වන බවත් ඒ තරමට දේශපාලන වාතාවරණය ව්‍යාකූල වී ඇති බව ඔහු පැවසුවේය.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කළ ප‍්‍රකාශයේදී පැවසු කාරණයකට තමා 100 %ක් එකග බවත් එයට ආශිර්වාද කරන බවත් වියන්ගොඩ මහතා පැවසුවේය. එනම් ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව කටයුතු කරන බව පැවසීමයි. එමෙන්ම මහින්දට මොනම ආකාරයකින්වත් සහයෝගය නොදක්වන බවට ඔහු පැවසූ කාරණයටද සතුටු වන බව පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ කාරණා දෙක හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට තමා එකග නොවන බවයි. ඔහු ඉදිරිපත් කළ තර්ක සියල්ල ඒ තර්කයේ අනෙක් පැත්ත විසින් නිශේධ කරන බවයි.

රන්ල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව ටයිටැනික් නැවට උපමා කරමින් එය ගිලෙන්න යද්දී තමා විසින් බේරා ගත් නිසා එය යහතින් යාත‍්‍රා කළබව ජනාධිපතවරයා පැවසූ නමුත් සිදුවූයේ එහි ප‍්‍රතිපක්ෂය බව වියන්ගොඩ මහතා පැවසුවේය.
වියන්ගොඩ මහතා පැවසුවේ ගිලෙන්න ගිය නැව වූයේ මහින්ද රාජපක්ෂගේ ටයිටැනික් නැව බවත් ඒ ගිලෙන නැව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නැවත ගොඩබිමට සේන්දු කළ බවයි.
ඒ සේන්දු කිරීමේ ප‍්‍රතිඵලය ලෙස මෛත‍්‍රීපාල සිරිසේනගේ සභාපතීත්වය යටතේ මහින්දට නාමයෝජනා ලබා දීම සිදුවූයේය.

දැන් තමා නිර්පාක්ෂිව සිටින බව ජනාධිපතිවරයා පැවසිම ගැන සතුටු වන බවත් එ් පිළිබදව අප බලා සිටින බවත් ඔහු පැවසුවේය.නමුත් ජනවාරි 09 වනදා සිට ජනාධිපතිවරයා නිරිපාක්ෂික නොවීම ගැන ඔහු ජනතාවට ඔහු පිළිතුරු දිය යුතු බව පැවසුවේය.

ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ දැඩිලෙස විවේචනයට ලක්වීම සහ ඔහුව දෙ‍්‍රා්හියෙකු ලෙස සලකා කටයුතු කිරීම අසාධාරණ බව ඔහුගේ කතාව තුළින් ප‍්‍රකට වූයේය. ජනාධිපතිවරයාව එසේ විවේචනය කළ කාරණා තුනක් නිසා බවද ඔහු පැවසුවේය.ඒ සදහා බලපෑ කාරණා වලින් හිටපු ජනපතිව හමුවූ අවස්ථා දෙකක් ගැන ඔහු මෙහිදී විස්තර කරමින් පැහැදිලි කළද තෙවන වර ඔහු මහින්ද රාජපක්ෂව හමුවූ කාරණය ගැන කිසිදු වචනයක් හෝ ප‍්‍රකාශ නොවීම රහසක්ම විය.

එම සාකච්ඡාව අප ඉදිරියේ දිග හැරෙන ඉදිරි දේශපාලනය සදහා වන යතුරක් බවත් මෙම රහස් සාකච්ඡාව ගැන විස්තර නොකිරීම තුළ තවත් අවදානමක් දැනෙන බවත් වියන්ගොඩ මහතා පැවසුවේය.


තමා විසින් ශ‍්‍රීපනිපයේ සභාපතිකම ලබාගත්තේ 19 සම්මත කර ගැනීමට හා ජනතාවට ආර්ථික වාසි සැලසීමට බව ජනාධිපතිවරයා පැවසූවද එය පිළිනොගන්නා බව වියන්ගොඩ මහතා සදහන් කළේය.එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විට ඒවාට විරුද්ධ වීමට නිමල් සිරිපාලද සිල්වා හෝ වෙනත් කිසිවෙකුට නොහැකි බවත් වියන්ගොඩ මහතා පවසයි.ඔවුන් ඒවාට විරුද්ධ වූවානම් ඔවුන්ට යළි ජනතාව දෙස බැලීමටද නොහැකි නිසා ජනාධිපතිවරයාගේ තර්කය පිළිගත නොහැකි බව පැවසුවේය.

කෙසේ වූවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු අපි පත් කර ගත් ජනාධිපතිවරයා නිසා ඔහු අපේ ජනාධිපති යන පදනමේ සිට ඔහුව ආරක්ෂා කරන බවත් කුමන විවේචන පැවතියද ඔහු වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවේය.
දූෂණය භිෂණය පවුල්වාදය ජාතිවාදය ඇතිවීමට යළි ඉඩ නොදීම උදෙසා මහින්ද රාජපක්ෂ නම් දේශපාලන ප‍්‍රපංචය තිරසාරව පරාජය කිරීම උදෙසා යළිත් පුරවැසි බලය සංවිධානය පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 0393

DNP 0398

DNP 0392

DNP 0401

DNP 0402

DNP 0400

DNP 0407

DNP 0405

 

DNP 0413

DNP 0418

DNP 0450

DNP 0423

DNP 0461

DNP 0458

DNP 0470

DNP 0463

DNP 0501

DNP 0481

DNP 0521

DNP 0503

DNP 0554

DNP 0545

DNP 0562

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us