ආණ්ඩුව දින 100ට කෝටි 68,000ක් ණය වෙයි

Published in පුවත්
Saturday, 11 July 2015 13:36

මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරන ආකාරයට මෙය පසුගිය වසරට වඩා සැලකිය යුතු ප‍්‍රතිශතයකින් මුල් කාර්තුවේ ණය ගැනීම් ඉහළ යාමකි. මුල් කාර්තුවේ සමස්ත ණය ගැනීම් ප‍්‍රමාණය රුපියල් කෝටි 68,425ක් වන අතර, ඒ අතරින්

භාණ්ඩාගාර බැඳුම්කර මඟින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 31,170කි. භාණ්ඩාගාර බිල්පත් මඟින් රුපියල් කෝටි 8,360ක්, ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මඟින් රුපියල් කෝටි 11,358ක් සහ ශ‍්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් මඟින් රුපියල් කෝටි 906ක්ද ආදී වශයෙන් ආණ්ඩුව මෙලෙස ණය ලබාගෙන තිබේ.

මේ අතර මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ බැංකු සහ ආයතනවලින් රුපියල් කෝටි 15,804ක ණය මුදල් ආණ්ඩුව ලබාගෙන ඇති බවද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් ස`දහන් කරයි.

පසුගිය ආණ්ඩුවේ අක‍්‍රමවත් මුල්‍ය කළමනාකරණය නිසා මෙලෙස අතිවිශාල ණය මුදලක් ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුවට සිදු වී ඇති බව පැවසුණද, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ ආණ්ඩුවද නිසි කළමනාකාරීත්වයකින් තොරව මුල්‍ය සැලසුම් සකස් කරන බවයි. ඊට උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ හදිසියේ ඉන්ධන මිල අඩු කළද, ඊට අදාළ බදු නිසි පරිදි ක‍්‍රමවත් නොකිරීම නිසා තෙල් සංස්ථාව බරපතළ ලෙස පාඩු ලැබීමයි.

- ශාලික විමලසේන

sathhanda.lk

Last modified on Saturday, 11 July 2015 13:47

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us