මහින්ද, මෛත්‍රීගෙන් හෙලිකොප්ටර් ඉල්ලයි Featured

Published in පුවත්
Saturday, 11 July 2015 13:28

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහබාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමි‍ටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දැන ගැනීමට තිබේ.

පූර්ව මැතිවරන ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම පිළිබඳ කුත් ඊයේ (10) පෙරවරුවේ සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් විසින් මේ පිළිබඳව සාකච්ඡා කර මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කර ඇත. එමෙන්ම පාක්ෂිකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ. වත්මන් ආණ්ඩුවේ බලය එජාපය සතුව පවතින නිසා මෙම පහසුකම් ලබා ගැනීමේ අපහසුවක් ඇති බැවින් ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇත.

මේ අතර මහින්ද රාජපක්ෂට මේවන විට ලබා දී තිබෙන 250 කට ආසන්න ආරක්ෂකයන් හා කාර්ය මණ්ඩලය තව දුරටත් පුළුල් කරන ලෙසද රාජපක්ෂ මහතාට මැතිවරණ කටයුතු සංවිධානය කිරීම සඳහා කොළඹින් හා කුරුණැගලින් විශේෂ නිවාස දෙකක් හා අනෙකුත් පළාත්වල ඇති ජනාධිපති මන්දිර වල නවාතැන් ගැනීමේ පහසුකම්ද අවශ්‍ය බවද ජනාධිපතිවරයාට දන්වා තිබේ.

Last modified on Saturday, 11 July 2015 13:36

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us