කරුණාරත්න පරණවිතාන ජනමාධ්‍ය ලේකම් තනතුරෙන් ඉවත්වේ!

Published in පුවත්
Saturday, 11 July 2015 12:44

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

ප්‍රතිපත්තිමය කරුණක් උඩ මෙම තනතුරෙන් ඉවත් වන බව එම ලිපියේ සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන්ට ශ්‍රීලනීපයෙන් නාම යෝජනා ලබා දිම සම්බන්ධ්යෙන් ඔහු කලකිරීමෙන් සිටි බව මිට පෙර පුවතකින් අප හෙළි කළෙමු. එමෙන්ම ශ්‍රී ලනිපයේ අපෙක්ෂකයෙකු ලෙස රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අපෙක්ෂාවෙන්ද ඔහු සිටිය නමුත් දූෂිතයන් සමඟ එක් විය නොහැකි බැවින් ඔහු එම අදහස අත් හැරියේය.

කෙසේ නමුත් මෛත්‍රී - මහින්ද හවුලට එරෙහිව බිහිවන නව පෙරමුණෙන් ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඔහුගේ සමීපතමන් පවසති.

Last modified on Saturday, 11 July 2015 13:28

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us