"යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" ලෙස එජාපය නම වෙනස් කරයි

Published in පුවත්
Saturday, 11 July 2015 08:51

ශ්‍රීලනිපයේ මෙතෙක් නාමයෝජනා සඳහා අත්සන් නොතැබූ ප්‍රබලයන්,ජාතික හෙළ උරුමයේ සංශෝධිත නම වූ එක්සත් යහපාලන ජාතික පෙරමුණ, මෙන්ම වාමාංශික නැඹුරුවකින් යුතු පක්ෂ ඒකාබද්ධව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" යනුවෙන් "අලියා" ලකුණින් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට යන බව වාර්තා වේ.

ඒඅනුව ශ්‍රීලනීප ප්‍රබලයන් වන රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, ප්‍රසන්න සෝලංගාරච්චි, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, ආදී ප්‍රබලයන් බොහෝ පිරිසක් මෙම නව පෙරමුණෙන් තරග වැදීමට සූදානම්ය.

මේ අනුව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" නමින් තරග කිරීම පිළිබඳ යෝජනාව අද (11) බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයට ඉදිරිපත් කර සම්මත කරවා ගැනීමට ද නියමිතය. මෙවර මහ මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට නාමයෝජනා අස්සන් කිරීමත් සමඟ ඊට දැඩි විරෝධය පළකළ මැති ඇමැතිවරු රැසක් සන්ධානයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරග කිරීමට එකඟතාව පළකිරීමත් සමඟ මෙවැනි තීරණයකට එළැඹීමට අගමැතිවරයා තීරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයන් නාමයෝජනා බාරදීමෙන් පසු රට පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් විහාරමහා දේවි උද්‍යානයට කැඳවා ඔවුන් ඉදිරියේ එක්සත් ජාතික පෙරමුණ හා එක්ව සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us