මහින්ද - මෛත්‍රී සංවාසය ජාතිවාදීන්ට ඇලජික් වෙයි

Published in පුවත්
Friday, 10 July 2015 09:38

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක්‌ සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.

තමන්ගේ නම ජාතික ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සන්ධානයට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව මහාචාර්ය නලින් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා වෙනම තරග කරන්නේ නම් මෙම යෝජනාව තමා පිළිගන්නා බවත්, මෛත්‍රී මහින්ද සභාගයක්‌ තුළ තමන් ඊට කිසිසේත් එකඟ නොවන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිපළයක් බවත් රාජපක්ෂ රෙජීමය පැරදවීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ හා ඒ ඩයස් පොරාවේ උදව් උපකාර ගත් බවටත් මෙම සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායම් රාජපක්ෂවරු සමඟ එක්වී දිගින් දිගටම චෝදනා කළේය.

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජපක්ෂ මහතාට මැතිවරණ ව්‍යාපාරය තුල ජාතිවාදය ඇවිලවීම නොකල යුතු බවත් සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවටත් ජනාධිපතිවරයා දැමූ කොන්දෙසිය මහින්දවාදීන් පිළි ගැනීම හේතුවෙන් නලීන්ද සිල්වා මහතා ඉවත් වී ඇති බවය. එනමුත් මේ මැතිවරණය උපක්‍රමයක් පමණක් බව නලීන්ද සිල්වා මහත නොදැනීමට හේතුවක් නැත. මන්ද නලීන්ද සිල්වා මහතාව නම් කර තිබුණේද මහින්ද රාජපක්ෂ විසින්ය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us