මහා පාවාදීම ගැන ජනපති මතය 13 දා ප්‍රකාශ කරයි

Published in පුවත්
Friday, 10 July 2015 09:35

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ බදාදා රාත්‍රියේ පැවති මේ සාකච්ඡාවට ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින්, ධර්මසිරි බණ්ඩාරනායක, රවි ජයවර්ධන යන මහත්වරුන් සහ දඹර අමිල හිමියන් සහභාගී වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මෙම සාකච්ඡාවට සහභාගී වෙන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන්ටද ඇරයුම් ලැබී ඇති අතර උන්වහන්සේ එම ආරාධනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

මෙම සාකච්ඡාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කොට ඇත්තේ සන්ධාන නාමයෝජනා පිළිබඳ තම මතය ජුලි 13 වැනිදා රටට හෙළිකරන බවය. එමෙන්ම සන්ධානයේ නාම යෝජනා කටයුතු සඳහා තමන් මැදිහත් නොවූ බවත් එය සන්ධාන මහලේකම්වරයාගේ වගකීම බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මෙහිදී කරුණු දක්වා ඇති පුරවැසි බලය සන්ධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසා ඇත්තේ තමන් ඇතුළු පිරිස මහත් රැවටීමකට සහ පාවාදීමකට ලක්වී ඇති බවයි. එමෙන්ම දූෂිතයන් දේශපාලනයෙන් ඉවත් කරන ‍බවට ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු මේ වන විට කඩ වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාට සන්ධානයේ නායකයා වශයෙන් මෙතෙක් වැළැක්වීමට හැකියාව ලැබි ඇත්තේ හිටපු මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ නාම යෝජනා පමණක් බව පැවසූ වියන්ගොඩ මහතා සෙසු සියලු දෙනා සන්ධානයෙන් තරග වදින්නට සැලසුම් කරන බව සඳහන් කළේය. මෙය ජනාධිපතිවරයාද ඇතුළුව ජනවාරි 08 වැනිදින ජනතා විප්ලවය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ සියලු දෙනා ලද බලවත් පරාජයක් බවද ඔහු අවධාරණය කළේය.

මේ අවස්ථාවේදී සිවිල් සංවිධාන නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහු හිටපු ජනාධිපතිවරයා සමග එකම වේදිකාවක සිට ගන්නේද යන්නයි. එසේ සිදු නොකරන බව ජනාධිපතිවරයා එහිදී එම පිරිසට තහවුරු කොට තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර පසුගියදා සිදු වූ බව කියන රහස් සාකච්ඡාව සම්බන්ධයෙන්ද සිවිල් සංවිධාන නියෝජිත පිරිස සිය විරෝධය පළ කොට තිබේ. වියන්ගොඩ මහතා එහිදී පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සමඟ රහසේ සාකච්ඡා කරන්නට කිසිදු කරුණක් නැති බවත් සෑම හමුවීමක් පිළිබඳවම තොරතුරු ජනතාව දැනගත යුතු බවත්ය.

 

dinamina

Last modified on Friday, 10 July 2015 09:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us