‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෛත්‍රී උගුලකට අහුවෙලා වගේ-රාජිත

Published in පුවත්
Friday, 10 July 2015 10:23
කැබිනට් තීරණ දැනුම්දීමේ ඊයේ(09) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ ජනාධිපතිවරයා පක්ෂය බාර ගැනීමෙන් පසු උගුලකට අසුවුණාදැයි යනුවෙනි.එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ “එහෙම දෙයකුත් තියෙනවා” යනුවෙනි.
 
ජනාධිපතිවරයා ජනවරම පාවාදුන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට ද ඇමතිවරයා ඉහත පිළිතුරම ලබාදුන් අතර ජනතාව එල්ල කරන චෝදනාද ජනාධිපතිවරයාට දැනී තිබෙන බව ඇමතිවරයා කියා සිටියේය.
 
කෙසේ නමුත් පොරොන්දු දීමට වඩා පොරොන්දු ඉටු කිරීමට කල් ගතවන හෝ එබදු පොරොන්දුවක් නොදුන්නාසේ සිටීම බොහෝ දේශපාලඥයන්ගේ ස්වරූපය බව වටහා ගත හැකි අවස්ථා ඉතිහාසය දෙස බැලීමෙන් මෙන්ම පවතින තත්වය දෙස බැලීමෙන් වූවද අපට මැනවින් වටහා ගත හැකිය. දිව දෙකේ සතත්වයින්ට හොදම උදාහරණය වන්නේ දේශපාලඥයින් යයි කීමට සිදුවන්නේ නම් එයද සාධාරණ පිළිතුරක් වනු ඇත.
 
ඕනෑම ජනතා පීඩක පාලකයෙකු එළවා දැමීමට හැකි බව මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපති පාලකයා එළවා දැමීමෙන් ලාංකික ජනතාව ඔප්පුකර පෙන්නුවේය.නමුත් ජනතා විශ්වාසය මේ වන විට පලුදු වෙමින් පවතින්නේ එළවා දැමූ පාලකයා ගෙන්වා ගැනීමට ජනතාව විශ්වාසය තැබූ පුද්ගලයා කටයුතු කිරීම නිසාය.
 
කුමන තත්වයක් යටතේ වූවද ජනතාව විශ්වාසයෙන් යුත්තව රටභාරදුන් ජනතා නායකයාට සිය පොරොන්දුවෙන් සහ ප්‍රතිඥාවෙන් මිදිය හැකිද?එබදු තත්වයකදී ඔහු වෙනදාටත් වඩා සෘජුව සහ කල්පාකාරීව කටයුතු කළ යුතු නොවන්නේද? සියල්ලන්ටම ප්‍රථම දේශපාලන සදාචාරය පිළිබදව පිළිබිඹුව විය යුත්තේ ඔහුය.
 
මෙහිදී වත්මන් ජනපතිතුමා වරක් සිදු කළ ප්‍රකාශයක් සිහිපත්වේ එනම් අගමැතිතුමා සහ තමන් ජේ.ආර්ගේ ගැටය හොදි ඇගේ හලා ගන්නේ නැතිව ලිහා ගත් බවට එතුමා සිදුකළ ප්‍රකාශයයි.දැන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසන පරිදි ජනාධිපතිතුමා උගුලකට අසුවී ඇත.ජේ.ආර්ගේ ගැටය ලෙහා ගත් ජනාධිපතිතුමා  මෙබදු ගැටයක් ලිහා ගත නොහැකිව උගුලකට අසුවී නම් ජනවරම පාවා දුන්නේ නම් නායකත්වය පිළිබදව මතුවන්නේද ප්‍රශ්නයක්මය.
 
 මන්ද නායකයා යනු ගැටලු විසදීමේ ශක්කියෙන් යුක්ත පුද්ගලයෙකු මිස ඒ මතට යටවී හොදි හලා ගන්නෙකු නොවිය යුතුය. වනයේ හැසිරෙන සතත්වයා පවා කල් ගත වන විට උගුල් ඇති තැන් හදුනා ගෙන උගුල්වලට හසු නොවී සිටීමේ හැකියාව ලබයි. දේශපාලනයේ පරිනථභාවය තුළින් දේශපාලකයෙකුද ලබන ප්‍රගුණතාවයක් හා දක්ෂතාවක් වන්නේ උගුල්වලට හසුනොවී,උගුල් බිද දමමින් උගුල් අටවන්නන් පිළිබද අවබෝධයෙන් කටයුතු කිරීමයි.අනෙක් අතට ජනවරම ලබා රටේම නායකයාවූවෙකුට එම හැකියාව ඇතිවාක් මෙන්ම ඒ සදහා වන වටපිටාවද සකසාගත හැකි බව අප විශ්වාස කරමු.කෙසේවූවත් ජනාධිපතිවරයා ඇගේ හොදි හලා ගනීවියැයි ජනතාව කිසිවිටක නොසිතු බව නම් කිව යුතුමය.
 
ලක්මාලි පන්නල

 

Last modified on Friday, 10 July 2015 14:26

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us