මැතිවරණ ප්‍රචාරක නීති හෙට සිට ක්‍රියාත්මකයි

Published in පුවත්
Sunday, 05 July 2015 09:02

මැතිවරණ නීතිරීති බලාත්මක වීම ලබන 6 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අනුව රාජ්‍ය උත්සවවලදී ජාතික කොඩිය පළාත් කොඩිය ප්‍රාදේශීය කොඩිය එසවීම හැර වෙනත් කොඩි ප්‍රදර්ශනය ද මැතිවරණ කාල වකවානුව තුළ සපුරා තහනම් වන අතර පාසල් උත්සවවලදී ද දේශපාලන කතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය.

රජයේ සංවර්ධන කටයුතුවලදී නිමා කරන ලද වැඩ කටයුතු විවෘත කිරීමේ උත්සව පැවැත්වීමට තහනමක් නැති අතර දේශපාලන වාසි තකා අලුතෙන් වැඩ ආරම්භ කිරීම භාණ්ඩ උපකරණ බෙදා දීම ද සපුරා තහනම්වේ.

රාජ්‍ය දේපළ පරිහරණය කිරීමේදී පවතින තහනම් නීති රිති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර මේ නීති රිති සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි අවධානය යොමු කරවනු ඇත.

මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වල කාර්යාල වෙනත් පක්ෂවල ප්‍රචාරක කටයුතු හා කාර්යාල ලෙසින් පවත්වාගෙන යාම ද සපුරා තහනම්ය.

මේ අනුව මහ මැතිවරණ කාල සීමාවේ පන්සල් පල්ලි කෝවිල් ඇතුළු ආගමික මධ්‍යස්ථානවල දේශපාලන කතා පැවැත්වීම තහනම් වනු ඇති අතර මෙම නීති මෙවර අකුරටම ක්‍රියාත්මක වන බව පැවසේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us