ශ‍්‍රී ලංකාව මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් දෙකකට අත්සන් තබයි

Published in පුවත්
Saturday, 27 June 2015 10:25

A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරිමට අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහ සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රි ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අත්සන් ඊයේ (26) ඔස්ට්‍රියාවේ වියානා නුවර දී අත්සන් තැබීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්සන් තැබූ අතරල අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ අධ්‍යක්ෂ ජනරාල් සුලෙයිමාන් ජසීර් අල්-හර්බිෂ් මහතා ය.

මාර්ගය සංවර්ධන කිරීම සඳහා අමෙරිකා ඩොලර් මිලියන 140ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 60ක් අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල ලබා දෙනු ඇත.

ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ඒකාබද්ධව වැය කිරීමට අපේක්ෂිතය.

2.5 % පොලී අනුපාතයක් මත ලබා දෙන මෙම ණය මුදල ගෙවා දැමීම සඳහා වසර 5ක සහන කාලයක් සහිතව වසර 20ක කාලයක් හිමි වෙයි.


A5 මාර්ගයේ පේරාදෙනිය සිට බදුල්ල දක්වා කොටස මේ වන විටත් සංවර්ධනය කර අවසන් ය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us