විවාද කළ යුත්තේ හිටපු මුදල් ඇමති සමග මිස අධ්‍යාපන ඇමති සමග නොවේ - රවී

Published in පුවත්
Wednesday, 17 June 2015 09:43

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන්නේ නම් ඒ හිටපු මුදල් අමාත්‍යවරයා සමග මිස හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සමග නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර 12ක කාලයක් මෙරට ආර්ථිකයට සිදු කළ හානිය සම්බන්ධයෙන් වගකිව යුත්තා වෙනුවට වෙනත් පාර්ශ්ව සමග විවාද කිරීමට නොහැකි බවයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පළ කළ අදහස්වල පිළිතුරු දෙමින් උතුරු කොළඹ දේශපාලන පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මෙහි දී අමාත්‍යවරයා අතින් ආබාධිත පුද්ගලයකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ද සිදු විය. වියලි ආහාර ලබා දීමේ අවස්ථාවකට ද අමාත්‍යවරයා එහි දී එක් විය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ වසර 12ක් තිස්සේ ආණ්ඩුවේ හිතවතුන්ට පමණක් ලැබුණ ආර්ථික ප්‍රතිලාභ මේ වන විට සියලු ජනතාව වෙත ගලා යමින් තියෙන බවයි.

පැවැති කොල්ලකාරී ආර්ථික රටාව සම්පූර්ණයෙන් වෙනස් කර ආණ්ඩුව ජනතාවාදී ආර්ථිකයක් නිර්මාණය කරමින් සිටින මොහොතේ ඊට අකුල් හෙළීම ඇතැමුන් සිය දේශපාලනය බවට පත් කරගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වසර දොළහක් තිස්සේ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත් කිරීමට කටයුතු කළා පමණක් නොව ආර්ථිකය එම තත්ත්වයෙන් මුදා ගන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරන මොහොතේ ඊට ද අකුල් හෙළීම ද ඔවුන්ගේ අවශ්‍යතාව වී ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

ravi 2

ravi3

Last modified on Wednesday, 17 June 2015 10:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us