'මෛත්‍රීට ඉඩදෙන්න', මෛත්‍රීව අමාරුවේදාන වැඩක්දැයි සැකයක්

Published in පුවත්
Wednesday, 17 June 2015 09:35

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලීම සඳහා ඔහුට සහයදෙන්නයි බලකරමින් 'මෛත්‍රීට ඉඩදෙන්න' නමින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට යයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු වලට අනුව, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම ආදී මුලික කරුණු යථාර්තයක් බවට පත්කර දැනීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරමින්, මහජන බලවේග ඒකරාශී කිරීමට 'මෛත්‍රීට ඉඩදෙන්න' සංවිධානය පිහිටුවන බව එහි ප්‍රධානියකු වන නීතිඥ රවී ජයවර්ධන මහතා පැවසිය.

රවී ජයවර්ධන මහතා පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' මාධ්‍ය ප්‍රකාශක වන අතර ම ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාද 'මෛත්‍රීට ඉඩදෙන්න' සංවිධානයේ ප්‍රධානියෙකු බව වාර්තාවේ.

කෙසේ නමුත් මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා වටා රංචු ගැසෙන මෙම කණ්ඩායම් හී ක්‍රියාකාරිත්වයන් නිසා ජනාධිපතිවරයා, රටේ පුරවැසියා හමුවේ හෑල්ලු වීම සිදුවන බවටද චෝදනාවක් එල්ල වී තිබේ. පසුගියදා කොළඹ විහාරමහදේවි උද්‍යානයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති 20 වන සංශෝධය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබුවේද මෙම පිරිස විසින්ය. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ‍රැස්වීමක් වූ අතර ඊට ප්‍රමාණවත් ජනතා සහභාගිත්වයක් ඇති කිරීමට එම සංවිධායකයන් අසමත් විය.එසේම ජනාධිපතිවරයා ගේ ඇතැම් තීන්දු තීරණ කෙරෙහි මෙම කණ්ඩායමේ බලපෑම එල්ල වී ඇති බවත් පැවැසේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us