මහින්දට පුළුවන් හම්බන්තොටින් විතරලු

Published in පුවත්
Wednesday, 17 June 2015 07:12

ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීමට නිශ්චිත තීරණයක් ගෙන නැතත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ නම් කුමන පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළත් තමා කරග කරන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණි හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආධාරකරුවන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේ ඔවුන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ‘ඉදිරි මහ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ඔබලාට කියන්නම්.එසේම මා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කියනවා ඔබලාගේ යහපාලන ආණ්ඩුවට ජනතාව දෙන පිළිතුරු බලාගන්න පස්ස ගසන්නේ නැතිව පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට එන්න.මහින්ද රාජපක්ෂ ආයේ පාර්ලිමේන්තුවට යනවා නම් යන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ඡුන්දයෙන් පමණයි.තමුන්නාන්සේලා බය වෙන්න එපා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්ත‍්‍රික්කය දාල කොහේවත් යන්නේ නැහැ.වෙලාව ආවම සියලූ දේ කරන්නම්’ යනුවෙන්ද රැස්ව සිටි ජනතාවට පැවැසීය.

– මව්බිම

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us