ජොනීගේ අරක්කු දඩය කෝටි 2 ගෙවයි

Published in පුවත්
Wednesday, 17 June 2015 05:59

බලපත්‍ර නීති උල්ලංඝණය කිරීම නිසා වයඹ ඩිස්‌ටිලරීස්‌ සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික දඩ මුදල එම සමාගම විසින් 12 වැනිදා ගෙවා ඇත.

පසුගියදා ලොරි හතරක පටවා අරක්‌කු බෝතල් 68,000 ක්‌ දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක සඟවා තිබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබීය. එහිදී ප්‍රධාන සමාගමට සහ තොග ගබඩාවට සීල් තබා දෙකෝටි දාහතර ලක්‌ෂ අසූඅටදහසක දඩ මුදලක්‌ පැනවීමට සුරාබදු කොමසාරිස්‌ ජනරාල් එල්. කේ. ජී. ගුණවර්ධන මහතා පියවර ගෙන තිබිණි.

මෙම සමාගමේ බලපත්‍රය පසුගිය රජයේ ඇමැතිවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ළඟම ඥතීන් දෙදෙනකුගේ නමට පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි.

ජනවාරි මස 17 වන දින පොලිසිය මගින් මුල්ම වැටලීම කර වැඩිදුර විමර්ශන සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ජනවාරි 19 වැනිදා විමර්ශන බාරදී තිබිණි.

එම සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස ජනවාරි 29 වැනිදා බඳවා ගත් අයකු අදාළ දඩ මුදල ගෙවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (16 වැනිදා) පැවැසීය.

දඩ මුදල ගෙවීමට පියවර ගෙන ඇතත් කෝටියකට අධික තවත් හිඟ බදු මුදලක්‌ ගෙවන තෙක්‌ අදාළ සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ හැකියාවක්‌ නැතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Last modified on Wednesday, 17 June 2015 07:12

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us