අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ ජනපති හෑල්ලු කර එජාපය දිනවීමයි - එස්‌. බී. නාවින්න

Published in පුවත්
Wednesday, 17 June 2015 05:52

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කරමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්‌කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කොට ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරු කිරීම අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා ඊයේ (16දා) පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌ වූ ඇමැතිවරයා සුළු පිරිසක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට දමා ගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩමින් දේශපාලන නාඩගමක්‌ නටන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යනු විනයගරුක ප්‍රතිපත්තිගරුක තිබෙන රටේ ජනාධිපතිවරයා සභාපති ධුරය දරන ලංකාවේ විශාලතම දේශපාලන පක්‍ෂය බවද කීය.

ජනවාරි අටවෙනිදා පැවැති ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත් වුණා. හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හමුවේදී ජනාධිපතිවරයා කමිටුවක්‌ද පත් කළා. ප්‍රශ්නයක්‌ තිබෙනව නම් ඒවා සාකච්ඡා කරලා විසඳා ගත යුතුයි. රට වටේ රැස්‌වීම් තියලා මන්ත්‍රීවරුන් අවුස්‌සලා ජනාධිපතිතුමාට සහ ඇමැතිවරුන්ට අපහාස කරලා ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවද ඇමැතිවරයා පැවසීය.

- දිවයින

Last modified on Wednesday, 17 June 2015 05:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us