ආබාධ සහිත පුද්ගලයන්ට මෙවර අලුත් අවුරුද්දේ සම තැනක්

Published in පුවත්
Wednesday, 10 April 2024 12:28

මෙවර පැවැත්වෙන අලුත්‌ අවුරැදු උත්සවයන්හිදී, ආබාධ සහිත පුද්ගලයන්‌ පිළිබඳ සමාජය තුළ පවතින වෙනස් කොට සැලකීමේ මනුෂ්‍යත්වයට නොගැලපෙන භාවිතයන් පිළිබඳ 'සංකල්පමය වෙනසක්‌ ඇති කිරීම වෙනුවෙන්‌ සමාජ සවිබලගැන්වීම්‌ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්‌ මහතා මැදිහත්ව තිබේ.

“කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම" යන විශේෂාංග මේ වන විට සමාජය විසින්‌ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින්‌ ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම්‌ යොදන ලෙස සංවිධායකයින්‌ දැනුවත්‌ කර තිබෙනවා. එමඟින්‌ අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක්‌ ඇති කිරීමයි. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන්‌ වෙනුවෙන්‌ විශේෂ අවුරැදු උත්සව
වැඩසටනන්‌ රැසක්‌ ද අප විසින්‌ සංවිධානය කර තිබෙනවා යැයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්‌ ඔහු පැවැසීය.

සමාජය තුළ පවතින් වෙනස්කොට සැලකීමේ භාවිතාවයන් නිසා විවිධ ජන කොටස් සියවස් ගනනාවක් තිස්සේ පීඩාවට පත්වීම මෙරට සුලබව තිබිණි. එම තත්වයන් වෙනස් කොට සියළුම මනුෂ්‍යයන් සමාන කොට සැලකීමට රජයක් ලෙස මැදිහත් වීම අගය කළ යුතුය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us