අවුරුදු 5ට ඒක පුද්ගල ආදායම රු.73,000කින් පහළට

Published in පුවත්
Wednesday, 10 April 2024 09:23

පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73,000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

2019 වර්ෂයේ දී මූර්ත ඒක පුද්ගල ආදායම රු.හය ලක්ෂ පන්දහස් හත්සිය නවයක් වූ අතර 2021 වර්ෂයේ දී එය රු.පන් ලක්ෂ අනූ දෙදහස් හාරසීය දහතුන දක්වා පහළ යාමක් පෙන්නුම් කරයි. 2023 වර්ෂය වන විට එය රු.පන් ලක්ෂ තිස් දෙදහස් හයසීය හතළිස් හයක් දක්වා පහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ කාලය තුළ රටේ මූර්ත දල දේශීය නිශ්පාදනය සැලකිය යුතු ආකාරයකින් පහළ යාම මෙයට හේතුවේ. 2019 දී රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 13,206 වූ අතර 2021 වර්ෂය වන විට එය බිලියන 13,125 ලෙසත් වාර්තා වී ඇත.

2023 අවසන් වන විට එය රුපියල් බිලියන 11,881 දක්වා පහළ ගොස් ඇත. මෙම හේතුවෙන් රටේ එක් පුද්ගලයෙකුගේ මාසික මූර්ත ආදායම ද රු.6,150කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.

මූර්ත ඒක පුද්ගල ආදායම මඟින් රටක පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ආර්ථිකයේ සුබසිද්ධිය හෝ යහපැවැත්ම මැනීම සඳහා භාවිත කරන බව මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන වාර්තාවේ සඳහන් වේ.

2020 වසරෙන් පසුව ඇති වූ ආර්ථික අර්බුදයන් නිසා මෙරට ආර්ථික වර්ධනය ඇණ හිටියේ සෘණ අගයන් ගනිමිනි. යළි වර්ධනය කරගැනීමට සමත් වූයේ පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිටය. 2023 තුන්වන කාර්තුවේදී 1.6 ක සිහ හතරවන කාර්තුවේදී 4.5 ක වර්ධනයක් ඇති විය. කෙසේ නමුත් වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් අඛන්ඩව ක්‍රියාත්මක වුවහොත් යළි 2019 වසරේ ආර්ථික තත්වයට සමපාත වෙනුයේ 2027 අවුරුද්දේ දී බවට පුරෝකතනය කර ඇත. කෙසේ නමුත් බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින තත්වයන් අනුව ඊට පෙර මෙම ඉලක්ක සම්පූර්ණ වෙනු ඇතැයිද පැවසේ.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us