රාමසාන් අදයි - ජනපතිගෙන් රාමසාන් දින පණිඩුයක්

Published in පුවත්
Wednesday, 10 April 2024 09:17

නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වයි.

සමාව දීමට,ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන් වූ රාමසාන් මාසය අවසාන දිනය ලෙස රාමසාන් දිනය සැලකේ.

මේ අතර රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.

මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපතිනරයා පෙන්වා දෙයි.

මේ අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.

පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 7,000කට වැඩි පිරිසක් මේ සඳහා යොදවා ඇති බව පොලීසිය පැවසුවේය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us