තැපෑල 12 වැනිදාත් සේවයේ

Published in පුවත්
Wednesday, 10 April 2024 08:34

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

"ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර මේ වසර. විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස එවලා. අපේ වගකීම ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම. අපිට විශාල ප්‍රශ්නයක් වුණා අවුරුදු කාලේ එන දීර්ඝ නිවාඩු. ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා තීරණය කරලා තියෙනවා 12 වෙනිදාත් සේවයට වාර්තා කරන්න. රේගු නිලධාරීනුත් අපිට සහාය දෙන බවට දැනුම්දීලා තියෙනවා."

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us