පාතාලය මැඬලීමට විශේෂ පොලිස් යතුරු පැදි ප්‍රහාරක බළකායක්

Published in පුවත්
Wednesday, 10 April 2024 12:50

බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව වාර්තාවේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් බවත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති සුවිශේෂ දක්ෂතා ඇති නිලධාරීන් මෙම ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විසින් පවසා තිබේ.

තවද එම නිලධාරියා පවසා සිටියේ පාතාල කණ්ඩායම්, වෙඩික්කරුවන් හඹා ගොස් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ඇතුළුව විශේෂ පුහුණුවක් මෙම කණ්ඩායම්වලට ලබාදෙන බවය. 

එමෙන්ම මෙම කණ්ඩායමට විශේෂිත නිල ඇඳුමක්ද ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා පවසයි.

මෙම යතුරු පැදි ප්‍රහාරක කණ්ඩායම් කොළඹ උතුර, කොළඹ දකුණ හා කොළඹ මධ්‍යම යන කොට්ඨාශවලට මූලික අදියරේදී යෙදවීමට නියමිතය.

Last modified on Wednesday, 10 April 2024 12:55

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us