ටැන්සානියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 155කට දිවි අහිමිවෙයි

Published in විදෙස්
Friday, 26 April 2024 08:01

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධිකයි.

නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් ය.

මේ අතර, අසල්වැසි කෙන්යාවටද එම ගංවතුර තත්ත්වය බලපා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙන්යාවේද 32 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයකි.

-P.M

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us