අධික උණුසුම හේතුවෙන් බංගලාදේශයේ පාසල් වසා දැමේ

Published in විදෙස්
Friday, 26 April 2024 09:18

පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට බංගලාදේශයේ බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංගලාදේශයේ දරුවන් මිලියන 33කට මේ දිනවල පාසල් කටයුතු අහිමිව ඇති බවයි.

බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක ඉක්මවා ගොස් තිබීම ද විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එය වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 16ක පමණ ඉහළ යාමක් බවයි. අධික උණුසුම හේතුවෙන් පසුගිය වසරේද බංගලාදේශයේ පාසල් වසා දැමීමට සිදුවුණා.

බංගලාදේශය දේශගුණික අර්බුදයේ බලපෑම් හේතුවෙන් වඩාත් අවධානම්වලට ලක්විය හැකි රටක් ලෙසයි පැවසෙන්නේ.

මෙරට පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට විශේෂ තීරණ ගැනීමට පවා සිදු වුණා.

-P.M

Last modified on Friday, 26 April 2024 09:54

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us