ලංකා පුවත් ආයතනයට මොකද වුණේ ?

Published in පුවත්
Monday, 03 October 2016 10:02

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයවන ලංකා පුවත් සේවය පසුගිය වකවානුව තුළ පැවැතියේ අතිශය ඛේදජනක තත්වයකය. එම ආයතනය දිගින් දිගටම පසුගිය කාලය තුළ දී ක්‍රියාකරන ලද්දේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලබා දුන් උපදෙස් ද ඉවත දමමිනි. එබැවින් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත එල්. එන්. සී. නමින් වෙනත් නාමයක් ඔස්සේ දියත් වූයේ දිනෙන් දින අසාර්ථක වෙමිනි.

මේ අනුව ලංකාපුවත් ආයතනයේ සිදු වූ අර්බුදකාරී තත්වය හමුවේ පසුගිය කාලයේ දී විෂය භාර අමාත්‍යංශයට ද අවනත නොවෙමින් වල්වැදුණු අසීමිත නිදහසක් ඔස්සේ ක්‍රියාත්මක වූ ආයතනය පසුගිය සැප්තැම්බර් 05වනදා සිට ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා කටයුතු කරනුයේ එම අවස්ථාවේ ගත හැකි වඩා සුදුසුම කාර්යය වන බැවිනි. ආයතනය ඒවන විටත් දැඩි මූල්‍ය අර්බුදයක මෙන්ම අමාත්‍යංශ ඉල්ලුම්කරන වාර්තා පවා ලබා නොදෙමින් ලංකාපුවත් අර්බුදකාරී අන්දමින් හැසිරෙමින් සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ද නිලධාරීන් අපහසුතාවට පත් කරමිනි.

මාස කිහිපයක සිට සේවා තහනමකට ලක්ව සිටි ලංකාපුවත් ප්‍රධාන විධායක නිලධාරිනී දුල්මා කන්දරාමගේ නැමැත්තිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ අදාළ නියෝගයද උල්ලංඝනය කරමින් රැකියා ස්ථානයට දිනපතා පැමිණීමෙන් ඇයගේ නොහික්මුණු භාවය සනාථ කරන්නීය. ඇය එම කාලය තුළ පැමිණ තව තවත් ලංකාපුවත් ආයතනය අකර්මන්‍ය කිරීම සඳහා ක්‍රියාකරනුයේ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට ලංකාපුවත් ආයතනය සම්බන්ධයෙන් ක්‍රියාකල නොහැකි බවත් තමන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර අමාත්‍යංශ ලේකම්වරයාට මතක හිටින පාඩමක් උගන්වන බව පවසමිනි.

කෙසේ නමුත් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ආයතනය තාවකාලිකව නතර කිරීමට ගනු ලැබූ තීන්දුව ඉතාම නිවැරදි හා සාධාරණ තීන්දුවක් බව ලංකාපුවත් හි සේවකයින් වන අපි සනාථ කර සිටිමු.

එසේ නොමැතිව තවදුරටත් පැවැති ආකාරයෙන්ම ආයතනය ඉදිරියට ක්‍රියාත්මක වූයේ නම් ලංකාපුවත් ආරම්භක සභාපති වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්වන දිවංගත එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමාගේ නාමය ද විකුණමින් ලංකාපුවත් සභාපතිවරයාගේ උපදෙස් මත දුල්මා කන්දරාමගේ හැසිරෙනුයේ ඔවුන්ගේ පෞද්ගලික සුඛවිහරනය සඳහා මුදල් හම්බකරමින් තවත් රහසිගත න්‍යායපත්‍රයක් දියත් කිරීම වෙනුවෙනි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විශාල බාධක හා බලපෑම් මධ්‍යයේ ඉතාම සාධාරණ විමර්ශනයක් මේ වෙනුවෙන් දියත් කිරීම පැසසිය යුත්තකි. ඔහු මාධ්‍ය ආයතනවලට බාධා කරන්නෙක් හෝ අනවශ්‍ය අතපෙවීම් කරන්නෙක් නොවන බව මේ සිද්ධිය පැහැදිලිව අපක්‍ෂපාතීව බලන ඕනෑම අයෙකුට තේරුම් යන කරුණකි. ලංකාපුවත් සිද්ධිය සම්බන්ධයෙන් නිමල් බෝපගේ ලේකම්වරයා, ක්‍රියාකල ආකාරය ඉතා විශිෂ්ඨ බව රේඛීය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු රජයේ බොහෝ දෙනෙකු මේවන විටත් පවසා තිබේ.

ආයතනයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට ලබා දුන් නියෝගයත් සමඟින් ඊට පසුදින සැප්තැම්බර් 06වනදා උදෑසනම ජනමාධ්‍ය අමාත්‍යංශයට යන ලංකාපුවත් සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය කාර්යාලයට ලබා දී ඇත්තේ පුදුම සහගත ලෙසිනි. ඒ සමඟම ඔහු විසින් පත්කරගෙන සිටි ඔහු සමඟ පසුගිය කාලයේ අමාත්‍යංශය ද දැනුවත් නොකර නීති විරෝධීව රුසියානු සංචාරයක නිරත වූ, සේවා තහනමකට ලක්ව සිටි ලංකාපුවත් ප්‍රධාන විධායක නිලධාරිනී දුල්මා කන්දරාමගේ ද සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ පුද්මාකාර අන්දමකිනි. යම් වරදක් සිදු කර නොමැතිනම් ලංකාපුවත් ගොඩනැගීමට කටයුතු කලේනම් මොවුන් දෙදෙනා එක්වරම මෙවැනි තීරණයක් ගන්නේ ඇයි ද යන්න මේවන විට අමාත්‍යංශ නිලධාරීන්ට පවතින ගැටළුවකි.

මේවන විට ආයතනය සම්බන්ධයෙන් සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කිරීමට පංචපුද්ගල විමර්ශන මණ්ඩලයක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍යංය විසින් පත්කර ඇත. එහි සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇත්තේ දුල්මා කන්දරාමගේ විසින් ආයතනික සභාපතිවරයාව ද නොමග යවමින් මුලුමණින්ම ලංකාපුවත් ආයතනයේ ක්‍රියාවලිය අවුල්සහාගත තත්වයකට ඇදදමා ඇති බවය. එසේම ආයතනයේ සභාපතිවරයා ඔහුගේ පෞද්ගලික මුදල් රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් ලංකාපුවත් වෙනුවෙන් යොදවා ඇති බව තැන තැන පවසමින් සිටින තත්වයක් මේවන විට හෙළි වේ. නමුත් අර්ධ රාජ්‍ය ලෙස සැලකිය හැකි ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය වෙනුවෙන් පෞද්ගලික මුදල් වැය කිරීම අනුමැතියක් ලබා දුන්නේ කවුරුන්ද හා එය දැඩි නීති විරෝධී කටයුත්තක් වන බවත් නීතිඥයෙක් වන නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා නොදැන සිටීම ගැටළු සහගතය. එසේම ඔහු එකවර තමා දරමින් සිටි ලංකාපුවත් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ සභාපතිවරයෙකුට පැවරී ඇති වගකීම් තුට්ටුවකට ද මායිම් නොකර වීම අතිශය කණගාටුවට කරුණකි.

නීතිය අනුව ඔහුට එලෙස එකමොහොතින් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම තුළින් ඔහු වගකීම්වලින් පැහැර හැරියේ දුල්මා කන්දරාමගේ ඔහුගේ නමද භාවිත කරමින් සිදු කළ වංචා හා අක්‍රමිකතා අසුවීමේන තමන්ට ද අනවශ්‍ය ගැටළුවකට මුහුණ පෑමට සිදුවෙතැයි යන සිතුවිල්ල පදනම් කර ගෙනය. සභාපතිවරයාගේ හැසිරීම මෙය නම් ඕනෑම අයෙකුට වැරදි වැඩක් කර අදාළ කාර්යයෙන් ඉල්ලා අස්වීම තුළ සියලු දෑවලින් නිදහස්විය හැකිය.

ලංකාපුවත් සභාපති ලෙස කිසිදු ආදායම් මාර්ගයක් ආයතනයට සම්පාදනය කර දීමට ඔහු අපොහොසත් විය. නමුත් ටී. එන්. එල්. රූපවාර්‍හිනී සේවය සමඟ ඔහු ගිවිසුමකට එලඹෙන්නේ අසාර්ථක එල්. එන්. සී. නැමැති විදේශීය ප්‍රවෘත්ති විකාශයක් සඳහා පැයක ගුවන් කාලයක් ටී. එන්. එල්. ආයතනයෙන් ඉල්ලා ගනිමිනි. ඒ වෙනුවෙන් නන්ද මුරුත්තෙට්ටුවේගම සභාපතිවරයා ඔහුගේ පෞද්ගලික මුදලින් මාසිකව රුපියල් ලක්‍ෂ 06ක පමණ මුදලක් එම ආයතනයට ගෙවනු ලැබේ. නමුත් ටී. එන්. එල්. ආයතනයෙන් ලැබෙන විකාශන කාලය වන්නේ උදෑසන 06.00 සිට 07.00 දක්වා කාලයයි. එම කාලය කිසිදු ඵලදායී ගුවන් කාලයක් නොවන බව ටෙලිවිෂන් දන්නා ඕනෑම පුද්ගලයෙකුට වැටෙහෙන දෙයකි. මේ වෙනුවෙන් දුල්මා කන්දරාමගේ නැමති අය ආයතනයට ගෙන එන එකම ආදායම් මාර්ග සහිත වෙළෙඳ දැන්වීම වන්නේ පවුල් සැලසුම් ක්‍රම දැනුවත් කෙරෙන වෙළෙඳ දැන්වීමකි. එම වෙළෙඳ දැන්වීම උදෑසනම ප්‍රේක්‍ෂකයන්ට පෙන්වීම කෙතරම් සදාචාර සම්පන්න ද යන්න තීරණය කළ යුත්තකි. එසේම පසුගිය කාලයේ ඩයොලොග් ආයතනය ද නොමග යවමින් වෙළෙඳ දැන්වීමක් මේ අසාර්ථක එල්. එන්. සී. රූපවාහිනී ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා ගැනීමට ඇය දැඩි වෑයමක නිරත විය.

නමුත් ලංකාපුවත් නාමය භාවිත කරමින් දියත් කළ රහසිගත න්‍යාය පත්‍රය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයට මේවන විට අනාවරණය වී හමාරය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මේ සිද්ධියේ දී ඉතා ඍජුව කටයුතු කරන ලද්දේ දක්‍ෂ පරිපාලන නිලධාරියෙක් බවට ද ශපථ කරමිනි.

දුල්මා කන්දරාමගේ සේවා තහනම්ව සිටින අවධියේ දී ඇය ලංකාපුවත් ආයතනය විසින් සිදු කරන බවට පවසා ප්‍රචාරය කළ එල්. එන්. සී. රූපවාහිනී ව්‍යාපෘතියට 2016 වසරේ අප්‍රේල් මාසයේ සිට බදවා ගත් සේවකයින් පිරිසගේ පෞද්ගලික සේවා ලිපි ගොනු සහ ඔහුන්ට හිමි කොන්ත්‍රාත්පදනම දැක්වෙන් ලිපි සකස් කරනු ලබන්නේ අමාත්‍යංශය විසින් ආයතනය තුළ සිදුව ඇති අසාධාරණකම් සෙවීමට ඉදිරිපත් වීමත් සමඟය. එම ලිපි ලේඛන සකස් වන්නේ දුල්මාගේ නිවසේ වීම ද විශේෂත්වයක් වන අතර ඒ පසුගිය ජූලි මාසයේ දීය. මේ සඳහා ලංකාපුවත් සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිවීම කනගාටුවට කරුණකි. සති කිහිපයක් සේවය කල සේවකයින්ටද ව්‍යාජ ලිපි ගොනු සකස් කරන්නේ නිවැරදි නොවන දින වකවානු සඳහන් කරමින් ය. නමුත් මේ සේවකයින්ගේ පෞද්ගලික ලිප ගොනු පිරිසක්න ඕනෑම නිලධාරියෙකුට වැටහී යන්නේ එම ලිපි ගොනු කඩි මුඩියේ නිර්මාණය කරන ලද ඒවා බවට ය.

දැනට වාර්තාවන අන්දමට ලංකාපුවත් තාවකාලිකව අක්‍රීය කිරීමට නියෝගය ලැබුණු පසුදින එනම් සැප්තැම්බර් මස 06වනදා උදෑසනම එල්. එන්. සී. රූපවාහිනී ව්‍යාපෘතියේ ප්‍රවෘත්ති විකාශ පටිගත කළ පරිගණක යන්ත්‍ර, වීඩියෝ කැමරා ඇතුළු තාක්‍ෂණික උපකරණ රැගෙන ගොස් ඇත. ඒ උපේන්ද්‍ර අල්විස් නැමැති මංගල ඡායාරූප ශිල්පියෙක් වශයෙන් කටයුතු කළ නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති එල්. එන්. සී. නිෂ්පාදන කළමනාකරුගේ උපදෙස් මතය. එසේම ඔහු ලංකාපුවත් සතු තාක්‍ෂණික උපකරණ කිහිපයක් ද මේවන විට හොර රහසේ රැගෙන ගොස් තිබේ. කෙසේ නමුත් ආයතනය සතු සියලු තාක්‍ෂණික භාණ්ඩවල වගකීම පැවරෙනුයේ උපේන්ද්‍ර අල්විස් නැමැත්තාටය. ඒ ඔහු නිෂ්පාදන කළමනාකරු බැවිනි. කෙසේ නමුත් මේවන විට ලංකාපුවත් ආයතනය සතු ස්ථාවර වත්කම්වල ලිඛිත ලේඛනයක් ජනමාධ්‍ය අමාත්‍යංශය සතුව පවතී. එබැවින් දුල්මා කන්දරාමගේ ඇතුළු මේ සොර දෙටුවන්ට ආයතනයෙන් සොරාගෙන ගිය භාණ්ඩ යළි ආයතනයට නිල වශයෙන් භාර දීමට ඉදිරියේ දී සිදුවනු ඇත.

මීට අමතරව තවත් රසවත් සිදුවීමක් වන්නේ සේවා තහනමකට ලක්වූ සහ පසුව ලංකාපුවත් ආයතනයෙන් ඉල්ලා අස්වූ දුල්මා කන්දරාමගේ සැප්තැම්බර් මාසයේ මැද කාලසීමාවේ දී ලංකාපුවත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රැස්වීමක් කැදවීමට උත්සාහ දරා තිබීමය. එහිදී දුල්මාට, කෙසේ හෝ එම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේ දී නිමල් බෝපගේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නීති විරෝධී බවට තීන්දුවක් ලබා ගැනීමට උත්සාහ කරන ලෙස ලංකාපුවත් වගකීම්වලින් බැහැර වූ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා උපදෙස් දී ඇති බවද දැනගැනීමට තිබේ.

මෙවැනි වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ලංකාපුවත් වෙත සාධාරණයක් මෙන්ම මාස දෙකක වැටුප් ගෙවා නොමැති අසරණව සිටින කාර්යමණ්ඩලයට නිවැරදි පටිපාටියක් අනුව මානුෂීයව පිහිටවීමට ඉදිරිපත් වීම ද ඇගයීමට ලක්කල යුතුය. නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා විසින් ගෙනත් දැමූ එල්. එන්. සී. කාර්ය මණ්ඩලය ද මේවන විට එම සභාපතිවරයා විසින්ම දැඩි අමාරුවක දමා පලා ගියේ නීතිඥ වෘත්තියට ද අගෞරවයක් එක් කරමිනි. දැන් මුරුත්තෙට්ටුවේගම මහතා බලා සිටින්නේ නිමල් බෝපගේ මහතාව එම ධූරයෙන් ඉවත් කර යළි ලංකාපුවත් සභාපති ධූරයට පැමිණ එම ආයතනයෙන් සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් බවට බරපතල සැකයක් තිබේ. මන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද මේ පිළිබඳ දැනුම් දී දුල්මා කන්දරාමගේ ව බේරාගන්නා බවට මුරුත්තෙට්ටුවේගම මහතා පොරොන්දුවක් ද දී ඇති බව ඇය තැන තැන බවසා තිබෙන බැවිනි. කොහොම නමුත් තමන්ගේ සල්ලි වතුරේ ගියේ දුල්මා කන්දරාමගේ නැමැති සටකපට නිලධාරිනියගේ වහසිබස්වලට රැවටී සිදු කළ ක්‍රියාවලිය නිසා බවට නීතිඥවරයෙක් වන නන්ද මුරුත්තෙට්ටුවේගම මහතාට නොතේරීම හාස්‍ය්‍යට කරුණකි.

- ලංකා පුවත් සේවක මණ්ඩලය

 

සැබැඳි පුවත්

ලංකා පුවත් දුල්මා, ගයන්තවත් නටවනවාද? 

දුල්මාට ගහන කොට පරණවිතානට ද ඇඬෙන්නේ? 

දුල්මා ගයන්තවත් අන්දලා

ගුවන් විදුලි සභාපති, ඇයට මෙච්චර සලකන්නේ ඇයි ?

'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි 

දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි

Last modified on Monday, 03 October 2016 10:05

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us