ලංකා පුවත් දුල්මා, ගයන්තවත් නටවනවාද?

Published in පුවත්
Tuesday, 26 July 2016 11:01

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකට තමන් යටතේ තිබෙන ලංකා පුවත් ආයතයේ පරිපාලනය නිසියාකාරව කර ගැනීමට හෝ නොහැකි තරම් දුර්වල ඇමැතිවරයකු බව මේ වන විට එම අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් පවසා සිටිති.

වත්මන් ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයන් හෝ එහි ඉලක්ක සහ ජයග්‍රහණයන් සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුම්වත් කිරීමට ඒ වෙනුවෙන් මාධ්‍ය සහය ලබා ගැනීමට කිසිදු දක්ෂතාවක නොදක්වන ඇමැතිවරයකු ලෙස මේ වන විට හංවඩු ගැසී සිටින ගයන්ත කරුණාතිලක මහතාට හා එම නියොජය ඇමැති කරුණාරත්න පරණවිතානට ලංකා පුවත් ආයතනය තුල කාලන්තරයක් තිස්සේ සිදුවන අකටයුතු කම් හා රාජපක්ෂවාදි පිළිවෙත ගැන දිගින් දිගටම පැමිණිළි ඉදිරිපත්ව තිබුණත් මේවන තුරුත් ඒ සම්බන්ධයෙන් සාධනීය විසදුමක් ලබා දීමට නොහැකි වී තිබේ. ලංක පුවත් ආයතනයේ අධ්‍යක්ෂකවරියක වන දුල්මා කන්දරාමගේ ශෘංගාරජනක චා‍ටුකාර සුරතල් බස් අසා මේ ඇමැති දෙපලද ඈට වශී වී ඇති බව ට ආයතනයේ සේවක සෙවිකාවන් පවසන්නේ දැන් කාලාන්තරයක සිටය. දැන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් විගඩම් මඩුවක් වෙමින් පවතින බවට පසුගිය සති කිහිපයේදී පෙන්නුම් කරමින් තිබිණි.  ලංකා පුවත් ආයතනයේ සභාපතිවරයා වන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුතෙට්‍ටුවේගමය. ඔහු මේවන විට දුල්මාගේ රූකඩයක් වී ඇති බව මුළු අමාත්‍යංශයම දන්නා රසවත් කතාවකි. මේ නිසා අදත් දුල්මා ආයතනයේ අධක්ෂකවරිය ලෙස තනතුර හොබවයි.

කෙසේ නමුත් පසුගියදා ආයතනයේ සේවක සේවිකාවන් විසින් මෙහි වත්මන් තත්වය පිලිබද දීර්ග විස්තරයක් යොමු කර තිබිණි. මේ පහතින් පළවන්නේ එයය.

 

වත්මන් තත්ත්වය

මේ වන විට අමාත්‍යාංශය මගින් ලංකාපුවත් ආයතනය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන අතර පරීක්ෂණයක් අතර වාරයේ එයට බාධා කර සේවකයින් බියවැද්දීම ඉහළපෙළ විසින් සිදුකරමින් පවති. තවද පරීක්ෂණය දේශපාලන ගැට මගින් විසදාගැනීමට උත්සාහ ගන්නා බවක් දක්නට ලැබෙනවා.

පහත කරුණු පිළිබඳ අදාල බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ මන්ද ?

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලංකාපුවත් සභාපති වෙත එවන ලිපිය පරිපාලන නිලධාරිනිය විසින් කිසිදු තැකීමක් නොකොට ප්‍රතික්ෂේප කරන්නත් සභාපතිවරයා මේ පිළිබද අවධානය යොමු නොකරන්නටත් මොවුන්ට තිබෙන හයිය මොකක්ද?

පරිපාලන නිලධාරිනියගේ කූට උපක්‍රමයෙන් කොන්ත්‍රාත් සේවය දිගු නොකොට බොරු චෝදනා එල්ල කරමින් හිතුමතේට සේවයෙන් ඉවත් කල සේවකයන්ට අවසන්වරට සේවය කළ මස වැටුප් ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද?

හිතුමතේ සුදුසුකම් නැති සේවකයින් බඳවාගැනීම හා කිසිම දුරදැක්මක් නොමැති ව්‍යාපෘති ඇරඹීමට මුදල් ඇතිනම් ,සේවයෙන් නියුතු මුල්කාලීන සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් නොගෙවන්නේ මන්ද?

විමර්ශන ආරම්භ වූ පසු ජනපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ පුවත් වැඩිවශයෙන් පළකරන්නේ බලධාරීන්ගේ අවධානය වෙනතකට හැරවීමකට නොවෙද?

ලිපිකාරිය ලෙස බැදුණු දුල්මාට අධ්‍යක්ෂක තනතුරක් ලැබුණේ කෙසේද?

වත්මන් පාලනයේදී විධායක අධ්‍යක්ෂ තනතුරක් හිමි වුයේ කෙසේද?

රට සවාරිය

   පිටරට සම්න්ත්‍රණයට සහභාගී වූ බව ඔප්පු වී තිබියදීත් ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීමට මෙතරම් පරක්කු ඇයි?

   අධ්‍යක්ෂ සහ සභාපති දෙදෙනාම නිවාඩු දමන්නේ එකම සම්මන්ත්‍රණයකට සහභාගී වන්නට නම් ඒ පිළිබඳ අමාත්‍යාංශය දෙදෙනා පිළිබඳවම දැනුවත්වියයුතු නැතිද? සභාපතිතුමාපමණක්    දැනුවත් වීම ප්‍රමාණයත්ද?

   කතෘවරයෙකු සහ විධායක ශ්‍රේණියේ පුද්ගලයෙකු සහභාගී විය යුතු ගමනකට විධායක ශ්‍රේණියේ දෙදෙනෙකු සහභාගී වීම සාධාරණද?

විමර්ශනයක් සිදුවන අවස්ථාවේදී නිවාඩු දැමු අධ්‍යක්ෂවරිය වරින් වර ලංකාපුවත් ආයතනයට පැමිණ එහි ලිපිගොණු ආයතනයෙන් පිටතට ගෙන යාම කිහිප වතාවක් සිදුව ඇති නමුත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද?

ගුවන් විදුලි සේවකයින් ජාතික රූපවාහිනි සේවකයින් තවත් නාලිකාවක නිවේදකයින් සහ නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් සහභාගී කරගනිමින් TNL හි විකාශය වන LNC නාලිකාවට යොදාගැනීම සුදුසුද?

ලංකාපුවත් ආයතනයේ පැරණි සේවකයින් සේවයෙන් නෙරපා නවකයින් සේවයට බඳවා ගනිමින් ලංකාපුවත්හි කැරැට්ටුව සඟවන්නට ව්‍යර්ථ දරමින් සිටියින්නේ ඇයි?

පැරණි , සුදුසුකම් පළපුරුද්ද ඇති ප්‍රවීණ මාධ්‍යවේදීන්ට Media ID ඉදිරිපත් නොකොට කිසිම සුදුසුකමක් නැති සාගල අමාත්‍යවරයාගේ දේශපාලන පීචන් හෙංචයින්ට අධ්‍යක්ෂකවරියගේ ඉල්ලීම මත මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම සුදුසුද?

ජනමාධ්‍ය අමාතාංශය විසින් ලංකාපුවත් ආයතනයට ලබා දී ඇති වාහන 02 අවභාවිතාවීමක් සිදුවේද? යන්න පිළිබඳ අමාත්‍යාංශය විසින් සොයා බෑලීමක් සිදු කොට ඇතිද?


ලංකාපුවත් ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ අවධානය පිණිසයි.

යුනෙස්කෝ සංවිධානයේ අදහසකට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය 1978 වර්ෂයේ දී ලංකාපුවත් ස්ථාපිත විය. ඒ අනුව එහි පළමු සභාපති ධූරය හෙඹවන ලද්දේ වත්මන් අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමයි. මෙම ආයතනය රාජ්‍ය මාධ්‍ය ආයතනවල කොටස් අයිතියෙන් ඒ අනුව ක්‍රියාත්මකවන ආයතනයකි.

ආරම්භයේ දී අතීතයේ සේවකයින් 30ක පමණ සේවක මඩුල්ලකින් සමන්විත මේ ආයතනය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දමමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම නව ව්‍යාපෘති කඩිනමින් ජාත්‍යන්තර පුවත් සේවා වෙත සැපයීමත්, ජාත්‍යන්තරයේ විදෙස් පුවත් කඩිනමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වෙත බෙදා හැරීමත් සිදු කෙරුණි.

නමුත් පසුකාලීනව ලොව පුරා සීග්‍ර ලෙස අන්තර්ජාල පරිහරණය ඉහළ යාමත් සමඟ මෙම පුවත් හුවමාරුව තරමක් දුරට අඩපණ විය. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ දී සභාපති ලෙස පත්වූ ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ කාලසීමාවේ දී යළි ලංකාපුවත් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරමින් ලංකාපුවත් වෙබ් අඩවිය ද නව මුහුණුවරකින් දියත් කෙරුණි. නමුත් යළි එම සභාපතිවරයාගෙන් පසු පත්වූ එවක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධුරයේ සිටි මහින්ද ඉලේපෙරුම මහතා ද ආයතනය යම් මට්ටමකින් ඉහළ තලයකට ගෙන ඒමට ක්‍රියා කළේය. එනමුත් එවකට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසින් ක්‍රියා කළ තැනැත්තාගේ ඉතා සමීප මිතුරුයක වූ දුල්මා කන්දරාමගේ නැමැත්තියට මෙම ආයතනයේ රැකියාවකට යොමු කිරීමට පියවර ගනු ලැබූූ අතර ඇය පැමිණීයේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අංශය සඳහාය. එවකට සිටි ලංකාපුවත් පරිපාලන කළමනාකාරවරයාගේ මුදල් අක්‍රමිකතාවක් හේතුවෙන් වැඩතහනමකට ලක්වන එම පුද්ගලයාගෙන් පසු ඉලේපෙරුම සභාපතිවරයාට සමීප වන දුල්මා කන්දරාමගේ එක්වරම ආයතනයේ පරිපාලන කළමනාකාරිය වන්නේ ලංකාපුවත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ කිසිදු දැනුවත් කිරීමකින් තොරවය. අනතුරුව සභාපතිවරයාට සමීප වෙමින් ලංකාපුවත් යම් දුරකට රැගෙන යාමට ක්‍රියා කල දුල්මා කන්දරාමගේ 2014 වසරේ අග භාගය වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියා කළ තැනැත්තියකි.

මෙම ක්‍රියාව සමඟ ආයතනයේ වෙබ් අඩවිය කටයුතු කරන ලද්දේ මූඛ්‍ය අරමුණු පසෙක දමමින් හුදෙක් මහින්දවාදී ප්‍රවෘත්ති කලාවකි. මේ අනුව 2015 ජනවාරි මස 08 වන දින ජනාධිපතිවරණ මැතිවරණ දිනයෙදී මුළු දිනය පුරාම දුල්මා කන්දරාමගේ විසින් ලංකාපුවත් ආයතනය තුළ කියා සිටියේ එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බවයි. නමුත් මැතිවරණ ප්‍රතිඵලවල පරාජය වීමක් පෙනී පෙනී තිබුණ ද ඇය විසින් ආයතනය තුළ කෑගසමින්, කියා සිටියේ හොර ඡන්ද හා බොරු ප්‍රථිපල ලෙසත් ඒවා පිළිගත නොහැකි බවය. නමුත් පසුදා අලුයම 6 වන විට ඇය විසින් ආයතනයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරිමේ වැඩපිළිවෙල නවතා දමා ලෙස උපදෙස් දෙමින් සේවකයින්ට නිවැස්වලට යන ලෙසත් දැනුම් දීමට කටයුතු කර තිබුණි.

ඉන්පසුව නිවාඩු දිනයක් යැයි සිතා නිවැස්වලට වී සිටින ලෙසත් යළි සදුදා දින පැමිණෙන ලෙසත් එවකට පාලනාධිකාරී ලෙස කටයුතු කළ දුල්මා කන්දරාමගේ විසින් කියා සිටියාය. මෙම සිද්ධිදාමයෙන් පසු යළි ආයතනයේ සේවකයින් පැමිණ වත්මන් ආණ්ඩුවේ පත්වීම හා එහි තොරතුරු ප්‍රවෘත්ති ලෙස ප්‍රකාශයට පත් කරනවාට වඩා ආණ්ඩුවේ ප්‍රතිරුපයට හානි වන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කර වෙබ් අඩවියේ ප්‍රචාරය කරන ලෙස දුල්මා කන්දරාමගේ විසින් නියෝග කර තිබුණි. ග්‍රාමනිලධාරියෙක් ජනපති නොවන බව පවසමින් ඇය නිතර කියා සිටියේ නුදුරේදීම යළි මහින්ද යුගයක් පැමිණෙන බවය.

කෙසේ නමුත් කාලයත් සමඟ ආයතනයේ මූල්‍ය තත්වය ද පහල වැටෙමින් තිබූ අතර ආයතනය පිළිබඳ අමාත්‍යංශයේ ද අවධානය හීන වීම පාදක කර ගනිමින් දුල්මා ලංකාපුවත් පත්ව ඇති ඉරණම සේවකයින් විසින් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට පැවසීමට යාමේ දී සේවකයින් සියලු දෙනාට තර්ජනය කරමින් එය වළකා දමන්නට ක්‍රියා කරනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ පාලන සමය පිළිබඳව බියද සිහිපත් කරමිනි.

එවකට සිටි කාර්ය මණ්ඩලය වන්නේ,

• දුල්මා කන්දරාමගේ - පරිපාලන කළමනාකාරිය

• ඉරේෂ් ජයසිංහ - පරිගණක අංශ කළමනාකාර

• චානක ඉනෝජ් - සිංහල ප්‍රවෘත්ති කර්තෘ

• දිල්ශාන් ආලෝක - ඉංග්‍රීසි ප්‍රවෘත්ති කර්තෘ
• සචිනි කොඩිතුවක්කු - මාධ්‍යවේදිනී

• මදුෂා රසාජලී - මාධ්‍යවේදිනී

• දිලිනි ප්‍රසංගිකා - මාධ්‍යවේදිනී

• කෞෂාල් සත්‍යමූර්ති - පුහුණු මාධ්‍යවේදී

• රඛිත - පුහුණු මාධ්‍යවේදී

• ගයාන් ප්‍රනාන්දු - පරිගණක අංශය

• එම්. එස්. බුද්ධදාස - ලිපිකරු

කෙසේ නමුත් මෙම සිද්ධිය සිදුව සතියක් යාමට මත්තෙන් සේවක මණ්ඩලය 5 දෙනෙකු දක්වා අඩු කිරීමට අමාත්‍යංශය දැනුම් දුන් බව පවසමින් දුල්මා කන්දරාමගේ විසින් සේවකයින් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ කිසිදු හිතක් පපුවක් නොමැතිවය. මේ කාලයේ දී සභාපති ධුරය පුරප්පාඩුව තිබූ බැවින් ආයතනයට ප්‍රධාන විධායක නිලධාරී ලෙස රජයේ මුද්‍රණාලයේ සභාපති ලෙස මහින්ද යුගයේ ක්‍රියාකල ලලිත් ද සිල්වා මහතා පැමිණියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ නියෝගයකට අනුවය. ඒඅනුව තිඹිරිගස්යාය පෙදෙසේ පැවැති ලංකාපුවත් ආයතනය කිරුළපන ප්‍රදේශයේ කුඩා නිවසකට ගෙන යාමට කටයුතු කරන ලද්දේ ලංකාපුවත් කඩිනමින් වසා දැමීමට අවශ්‍ය බව පවසමිනි.

මේ සිද්ධිය පැහැදිලි කිරීමට ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාව හමුවීමට ගිය ලංකාපුවත් පරිගණක අංශ කළමනාකාර ඉරේෂ් ජයසිංහ, ආයතනයේ සිදුවන අවභාවිතය පැහැදිලි කරන්නට විය. නමුත් එසැණින් මේ සිද්ධිය දුල්මා කන්දරාමගේ විසින් දැන ගනිමින් ඉරේෂ් ජයසිංහ සමඟ අනවශ්‍ය වාදයකට පැටලී ඔහුගේ විවාහයට මාසයක් තිබීයදී ලංකාපුවත් ආයතනයෙන් නෙරපා දැමීමට තරම් ප්‍රබල වූයේ අමාත්‍යවරයා ඉරේෂ් ජයසිංහට රැකියාවේ සුරක්‍ෂිතභාවයක් ලබා දීමට කටයුතු කරන්නැයි සිදු කළ නිර්දේශයද ඉවත දමමින් වීම දුල්මාගේ ප්‍රබලත්වය පසක් කරන්නකි.

ආයතනයට ලැබිය යුතු කිසිදු ආදායමක් සම්බන්ධයෙන් තැකීමක් නොකර දුල්මා කන්දරාමගේ විසින් එවකට අමාත්‍යංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් වෙබ් දැන්වීම් නැවත ලබා දෙන ලෙස ආදාළ ආයතන වෙත ලිපි සදහා අත්සන් තැබුව ද එම ලිපි දුල්මා විසින් අදාළ ආයතන වෙත නිසියාකාරයෙන් යොමු නොකිරීමට වගබලා ගත්තාය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයක් නොමැතිව රටේ අනාගතයක් නොමැති බව දිවුරමින් දිනපතා කාර්යාලය තුළ මතුරමින් සිටි දුල්මා කන්දරාමගේ අවසානයේ නිසි අයුරින් ක්‍රියාත්මක වූ ලංකාපුවත් වෙබ් අඩවියද අඩපණ කිරීමට සමත් විය. මේ සියලු තත්වයන් කුමන හෝ අයුරකින් විකල්පධාරාවේ වෙබ් අඩවියක් විසින් දිගින් දිගට වාර්තා කරන්නට විය. ඒ හරහා කඩිනමින් ලලිත් ද සිල්වා මහතා අප්‍රසාදය පළ කරමින් ලංකාපුවත් ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වීමත් සමඟ යළි ආයතනය තවතවත් අමාත්‍යංශ අවධානයෙන් ගිලිහෙමින් රාජපක්‍ෂ හිතවාදී ලෙස කටයුතු කරනු ලැබුවේ දුල්මා කන්දරාමගේ අනුදැනුම මතය.

පසුගිය සේවක මණ්ඩලය පස් දෙනෙකුගෙන් සමන්විත වු අතර එහිදී දුල්මා, චානක, දිල්ෂාන්, බුද්ධදාස සහ දිලිනි අය යතනයේ රැදි සිටියා. ඇය විසින් හැම විටම ආයතනයට පැමිණ කියා සිටියේ වත්මන් රජය විසින් ලංකාපුවත් එවකට තියා කිසිදු ආයතනයකට යහපතක් සිදු නොවන බවයි. පවතින්නේ යහපාලනය නොව යමපාලනය බවය. නමුත් ආයතනයේ සේවය කළ පිරිස අතර දුල්මා හැර අන් සියළු දෙනා ආයතනය රැක ගැනීමට විශාල කැපවීමක් කළේය.

පසුකාලීනව අමාත්‍යංශ ලේකම් වශයෙන් වජිර නාරම්පනව මහතා පත් වු පසු ආයතනයේ සියළු තොරතුරු ඇතුලත් වාර්තාවක් ඔහු අතට පත්වීමත් සමඟ ද දුල්මා කන්දරාමගේ දරුණු පසුබෑමකට ලක් විය. එම අවස්ථාවේදී වජිර නාරම්පනාව මහතා විසින් ඉතා සාධාරණ ලෙස කටයුතු කර සභාපති කෙනෙකු පත් කිරීමට කටයුතු කරන ලෙස දුල්මාට කියා සිටියද ඇය විසින් එයට කිසිදු උනන්දුවක් දැක් වුයේ නැත. ඒ මහතා විසින් බැණ වදිමින් ඇයට අණ කිරීමෙන් අනතුරු සමාගම් රෙජිස්ටාර් හරහා ඒ සදහා කටයුතු සැලැස්සුවේය. වජිර නාරම්පනාව මහතා වෙත සේවක මණ්ඩලය විසින් අදාළ තොරුතුරු ලබා දීමෙන් අනතුරු ඔහු විසින් නිවැරදිව ක්‍රියා කළ ද පසුව ඔහුට (වාර්තාවන ආකාරයට චරිත හේරත්ගෙන් ලද ) දුරකතන ඇමතුමක් මත ඔහු නිහඩවීමක් දක්නට ලැබුණි.

එහිදී සේවක මණ්ඩලය හා ඉරේෂ් ජයසිංහ යන අය විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවෙගම මහතා වෙත ලංකාපුවත් භාර ගන්නා ලෙස ඉතා රහසිගතව කතා කරමින් ඒ සදහා අවශ්‍ය කටයුතු සුදානම් කළේය.

ඒ ඉල්ලීම පිළිගනිමින් සභාපති ලෙස පත් වූ නන්ද මුරුත්තේට්ටුවෙගම මහතා විසින් කියා සිටියේ බොහෝ කෙටි කාලයකදී දුල්මා කන්දරාමගේව ආයතනයෙන් ඉවත් කරන බවයි. නමුත් නව සභාපති ලෙස පත් වු නන්ද මුරුත්තේට්ටුවෙගම මහතා සේවක මණ්ඩලයට ඉතා පක්ෂපාතිව මුල් කාලයේ කටයුතු කල ද පසු කාලීන දුල්මා කන්දරාමගේ විසින් මවනා සුරංගනා ලේකයේ සිටිම සේවක මණ්ඩලයට අදහා ගත නොහැකි දෙයකි. ඒ අනුව අමාත්‍යංශයේ ද දැනුවත් භාවයකින් හෝ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දැනුවත් භාවයකින් තොරව පරිපාලන නිලධාරිනිය වූ දුල්මා කන්දරාමගේ, ප්‍රධාන විධායක නිලධාරිනිය වී නිවැරදි ආයතනික නෛතික පසුබිමකින් සිදු වූවක් නොවන බව පැහැදිලිය.

මේ වන විට එල්.එන්.සී යැයි ප්‍රවෘත්ති රූපවාහිනි නාලිකාවක් වශයෙන් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනයේ උපකරණ භාවිත කරමින් වැදගත්කමක් නොමැති වැඩපිළිවෙලකට අතගසා ඇත්තේ යළි යළිත් අමාත්‍යංශයත්, විෂය භාර අමාත්‍යවරයාවත්, ලේකම්වරයාවත් මුලා කරමිනි. ඒ අනුව ලංකාපුවත් කීර්තිනාමය භාවිතා කරමින් සහ අග්‍රාමාත්‍යතුමන්ගේ පියාණන්ගේ නම වෙළෙඳනාමයක් ලෙස යොදා ගනිමින් නන්ද මුරුත්තේට්ටුවෙගම මහතා මේවන විට ආරම්භ කර ඇත්තේ වෙනත්ම ගමන් මාර්ගයකි. ඔහු සිය පෞද්ගලික රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් ලෙස එල්. එන්. සී. ව්‍යාපෘතිය දියත් කර තිබේ. මෙය ආරම්භ වන්නේ 2016 මැයි 01වනදාය. එය අමාත්‍යංශයට හා අධ්‍යක්‍ෂ මණ්ඩලයට පෙන්වා දෙන්නේ ලංකාපුවත් නව ගමන්මඟ යනුවෙනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ පෞද්ගලික ආයතනයක්වන එල්. එන්. සී. ඉතා රහසිගතව දියුණු කරමින් රාජ්‍ය අනුග්‍රහයද ලබා ගනිමින් ලංකාපුවත් විනාශ කර දැමීමය. වත්මන් රජය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ සමීප මිතුරන් බව පවසමින් මේවන විට අත්තනෝමතික එල්. එන්. සී. රූපවාහිනී සේවාව දියත් කර ඇත්තේ කිසිදු ලෙසකින් ජනමාධ්‍ය අමාත්‍යවරයා හෝ ලේකම්වරයා දැනුවත් නොකරය. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඉතා ඉහළ සහයෝගයක් ලබා දෙන බව නන්ද මුරුත්තේට්ටුවෙගම මහතා සියලු පාර්ශවයන්ට පවසා සිටීම ද ගැටළු සහගතය. එල්. එන්. සී. හුදෙක්ම පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත අනාගත දේශපාලනික පෙරලියක් ද අරමුණ කර ගනිමින් දියත් කර ඇති වත්මන් රජය ද නොමග යවමින් ආරම්භ කර ඇති ව්‍යාපෘතියකි. මේ සඳහා අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ හයෝගයද ආශිර්වාදයද හිමිවන බව දුල්මා කන්දරාමගේ පවසන්නීය. එබැවින් ලේකම්වරයා විසින් නොමිලේ ආයතනයේ රූපවාහිනී වැඩසටහන තුළ ඉදිරිපත් කරන පුවත්පත් මුද්‍රණය කිරීමේ වගකීම රජයේ මුද්‍රණාලයට බාර දීමට කටයුතු කළ බව දුල්මා කන්දරාමගේ පවසා තිබේ. නමුත් මේ විදේශ පුවත්පත් කියවීම ද ප්‍රේක්ෂකයා නොමග යැවීමක් බව පැවසිය යුතුය. එය සැබෑ විදේශීය පුවත්පත් නොවේ. හුදෙක් අන්තර්ජාලය ඔස්සේ පුවත්පතක් සේ ලබා ගන්නා මුද්‍රණ පිටපතක් සෑබෑ විදේශ පුවත්පත් එල්. එන්. සී. වෙත ලැබෙන බව පවසමින් සියලු දෙනා නොමග යවමින් මෙම එතෙර මුල් පිටුව වැඩසටහන සෑම උදෑසනකම ටී. එන්. එල්. රූපවාහිනී නාලිකාව ඔස්සේ උදෑසන 06 සිට 07 දක්වා විකාශය කරනු ලැබේ.

අමාත්‍යංශය ඉල්ලා සිටින ලිපි ගොනු කිසිදු අවස්ථාවකදී නිවැරදි ලෙස සකසා අමාත්‍යංශයට යොමු කිරීමට මොනයම් හෝ අවස්ථාවක දුල්මා කන්දරාමගේ කටයුතු නොකරන අතර අමාත්‍යංශයට ලංකාපුවත් අධීක්‍ෂණය කිරීමේ හෝ ලංකාපුවත් පිළිබඳ වගකීමක් ජනමාධ්‍ය අමාත්‍යංශයට නොමැති බව ඇය පවසන්නීය. එබැවින් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින තොරතුරු වාර්තා කිසිදු ලෙසකින් අමාත්‍යංශය වෙත යොමු නොකරන අතර අසත්‍ය වූ තොරතුරු කිහිපයක් හැම විටම අමාත්‍යංශය වෙත පත් කිරීමට කන්දරාමගේ කටයුතු කරන්නේ අමාත්‍යංශ නිලධාරීන් කිසිත් නොදන්නා මෝඩ රැලක් බව පවසමිනි.

එල්. එන්. සී. ව්‍යාපෘතියට මේවන විට සේවකයින් බදවා ගන්නේ ද අමාත්‍යංශයේ හා ලංකාපුවත් ආයතනයේ සේවකයින් බදවා ගැනීමේ පටිපාටිය මුළුමණින්ම බිඳ දමමිනි. සභාපතිවරයාට හිතවත් සේවකයින් ඒ සඳහා එක් කර ගන්නා අතර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාධ්‍ය අංශයේ කටයුතු කරන බව පවසා සිටින පුද්ගලයින්ව ද මේ සඳහා බදවාගෙන ඇත.

මේ වන විට නාරහේන්පිට ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ලංකාපුවත් ආයතනය පවත්වාගෙන යන අතර එහි සිදුවන්නේ එල්. එන්. සී. ක්‍රියාවලියයි. නන්ද මුරුත්තේට්ටුවෙගම සභාපතිවරයා ගුවන් විදුලි සංස්ථාවේ සිටිනවාට වඩා වැඩි කාලයක් එල්. එන්. සී ගොඩ දැමීමේ කාර්ය වෙනුවෙන් ක්‍රියා කරනුයේ ඔහුගේ පෞද්ගලික මුදල් ආයතනයට යොමු කරමිනි.

කිසිදු සේවකයෙකුට වැටුප් ලේඛණයක් ලබා නොදීමට ද දුල්මා කන්දරාමගේ කටයුතු කර අතර ඇය පවසන්නේ ලංකාපුවත්වලට යට කර ඇත්තේ නන්ද මුරුත්තේට්ටුවෙගම මහතාගේ මුදල් බවත් රාජ්‍ය මුදල් හෝ ආයතනයේ මුදල් යොදා නොගත් බවය. නමුත් මෙලෙස සභාපතිවරයා යොදවන මුදල් ලැබෙන ආකාරය කිසිදු විනිවිදභාවයකින් තොරය. මෙය කළු සල්ලි සුදු කරනවාද යන්න පිළිබද සැකයක් මතුවේ.

තමා උගත් යැයි අන් අය ඉදිරියේ පුරසාරම් දොඩවමින් තමාට ඇත්තේ ඉංග්‍රිසි භාෂා උපාධියක් යැයි කියා සිටි. නමුත් ඇයට ඉංග්‍රිසි භාෂාවෙන් ලිපියක් ලියා ගැනීමට අවශ්‍යවු විට හෝ ඇය විසින් ඉංග්‍රිසි කතෘ වශයෙන් සිටින දිල්ශාන්ට එය පරවරනු ලබයි.

කෙසේ වෙතත් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායනයේ වෙබ් අඩවිය පිළිබද කිසිදු තැකීමක් නොදක්වමින් ඇය විසින් මෑතකදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාවද නොමග යවමින් අක්‍රීයව පැවති වෙබ් අඩවියක් නැවත විවෘත කරනු ලැබුවේ සියලු දෙනා නොමග යවමිනි. රජය මගින් මේ පිළීබදව කිසිදු සොයා බැලීමක් සිදු නොකර හෙයින් ඇය විසින් කියා සිටින්නේ ලංකාපුවත් ජනතාවගෙන් මේවන විට ඈත්ව ගොස් ඇති බැවින් එය යළි ක්‍රියාත්මක කිරීම නිශ්ඵල කටයුත්තක් වන බවය. මෙම වාතාවරණයත් සමඟ ලංකාපුවත්කාර්ය මණ්ඩලය පසුවන්නේ දැඩි දෙගිඩියාවකිනි. ඔවුන්ගේ රැකියා මුළුමණින්ම අවිනිශ්චිත ස්වරූපයක් ගෙන ඇත. ඔවුන්ට හිමි සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් පවා තවමත් ලංකාපුවත් සේවකයින්ට අහිමිය.

ලංකාපුවත් වැඩි කොටස් හිමිකමක් පවතින රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා තමන්ගේ සමීපතමයෙක් බැවින් කිසිදු ගැටළුවක් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ද තමන්ට ඇති නොවන බව දුල්මා කන්දරාමගේ පවසන්නේ, ජයවර්ධන මහතා සමඟ තමන් චරිත හේරත් මහතාගේ රාජකාරී කටයුුතු කර ඇති බවය.

මෑතකදී රුසියාවේ සමුළුවකට සහභාගී වීමට ලංකාපුවත් සභාපති හා දුල්මා කන්දරාමගේ ගොස් තිබුණේ, දුල්මා ජනමාධ්‍ය අමාත්‍යංශයට රාජ්‍ය නිලධාරියෙක් විදේශ ගත වීමේ දී අමාත්‍යංශය දැනුවත් කළ යුතු නිරවද්‍ය පටිපාටිය ද ඉටු නොකරමිනි. ඔවුන්ගේ මෙම සංචාරය මෑතකදී වෙබ් අඩවියක පළ වූයේ සියලු දෙනා පුදුමකරවමින් වීම විශේෂත්වයකි.

අදාළ ආයතනික රහසිගත තොරතුරු පිටතට දීම සම්බන්ධයෙන් මේවන විට ආයතනික සේවකයින් දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇත. ආයතනයේ පැරණි සේවකයින් මේවන විට ඉවත් කිරීමේ වැඩපිළිවෙලකට ද පරිපාලනය අතගසා තිබේ. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දුල්මා කන්දරාමගේ විටින් විට දැනුම් දෙන තත්වයකට ද පත්ව තිබේ.

ලංකාපුවත් හි වර්තමානයේ කාර්ය භාරය විය යුත්තේ රජයේ සංවර්ධන කටයුතු, රජය තුළ නිර්මාණය වන නව වැඩසටහන්, රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පුවත් වාර්තා කරණය හා නිරන්තරයෙන් සංවර්ධිත සාධනීය ප්‍රවෘත්ති විදෙස් මාධ්‍ය වෙත සම්පාදනය කිරීමය. එමෙන්ම මෙරට පාසල් සිසුන්ට මාධ්‍ය පිළිබඳ දැනුම ලබාදීමේ මෙන්ම මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලකට යොමු වීමද මේ ආයතනය හරහා සිදු කළ හැකි දෑය. තවත් ක්ෂේත්‍ර ගණනාවක් මේ හරහා සංවර්ධනය කිරීමේ අවකාශයන් පවතී. මුළු ලොවෙහිම අවධානය දිනා ගැනීමට සමත්ව තිබූ ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය නැවත පණ ගැන්වීම සඳහා මෙහි වටිනාකම හදුනා ගැනීමේ අවස්ථාවක් යොදා ගන්නැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කර සිටිමු.

ඒ වෙනුවෙන් ආයතනික ව්‍යූහයේ අතීත තොරතුරු හා නව ඉසව් පිළිබඳ තොරතුරු සැපයීමට ලංකාපුවත් ආයතනයේ හිටපු කතෘවරුන්, සේවකයින් මේවන විටත් සැදී පැහැදී සිටින බැවින් යහපාලන රජයෙන් යළි ලංකාපුවත් වෙත සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සිටින්නේ මේවන විටත් දැඩි ලෙස අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින ආයතනික සේවකයින්ය. මේ හැම දෙනා සිටින්නේ මේවන විට යළිත් දැඩි ලෙස බියකින් සහ දෙබඩියාවකින් බව සිහිපත් කරන්නේ යළි යළිත් මේ අවාසනාවන්ත ක්‍රියාවලිය පිටුපස සිටින වත්මන් රජයේ ප්‍රබලයින් හා පැවති රජයේ ප්‍රබලයින් හේතුවෙනි. කිසිදු ආදායම් තත්වයක් නොලබන ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කරන මෙන් යළි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදු කරනුයේ ඉතාම කාරුණික හා බැගෑපත් ඉල්ලීමක් ලෙසිනි.

 

Last modified on Tuesday, 26 July 2016 11:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us