බජාර් එකේ ලලක්කා ..ජවිපෙ මුල් බැහැගත්තා Featured

Published in පුවත්
Monday, 03 October 2016 13:44

“බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා”

ජොලි සීයාගේ මේ සින්දුව අපට සිහිපත් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් නිසාය. එම සිදුවීම නම් මහජන බැංකුවේ සිදු වූ බව කියන කෝටි 70 ක වංචාව මුළුමනින්ම අසත්‍යයක් බව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙළිවීමය. ඒ හමුවේ බැංකුවේ වංචාව ගැන නං දොඩවමින් වත්ත වටේ ජරාකළ පිරිස කටයුතු කළේ මුල්‍ය මාෆියාව වෙනුවෙන් සිය දේශපාලන ශරීරය විකිණීම බව හොඳින්ම තහවුරු විය.

එදින පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමෙන්ම ඒ වෙනුවෙන් ප්‍රවේශ වෙනවානම් ඒ මෙසේය. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කරුණු පැහැදිළි කිරීමක් සමඟ මහජන බැංකුවේ සිදුවූ බව කියන කෝටි 70 වංචාව ප්‍රශ්න කළ අතර ආණ්ඩුව වෙතින් ඊට පිළිතුරු ලැබිණ.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල වෙතින්ය. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගනුදෙනුවක් බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවය. එසේම සමහර පුවත්පත් අදාළ පුවත අතිශයෝක්තියෙන් පළකර තිබූ බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබිණ. කබීර් හෂීම් මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල ද එහිදී අග්‍රාමාත්‍යවරයා තහවුරු කරමින් කතා කරනු ලැබිණ.

වඩාත් සිත්ගන්නා සුළු කාරණය වුයේ මන්ත්‍රී දිනේෂ්ට මෙන්ම ජවිපෙ මන්ත්‍රීලාට මේ ප්‍රකාශ හමුවේ වංචාවක් තබා 'හ්ම්' කියන්නටවත් හැකියාවක් නැතිවීමය. අවම වශයෙන් රුපියල් කෝටි 70 වංචාවක් සිදුව ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කළයුතුව තිබිණ. එහෙත් සිදු නොවුයේද එයමය.

එහෙත් ජවිපෙ සිය සුපුරුදු අවලාද දෙඩවිල්ල එයින් නවතාලුයේ නැත. ඊට සහය පළකරන්නට නැවතත් එක්වුයේ මූල්‍ය මාෆියාවේ ප‍්‍රචාරණ කටයුත්තට කරගසා සිටින මෙම සාවද්‍ය පුවත පළ කළ 'මව්බිම' පුවත්පතය. ඔවුන් පාර්ලිමේන්තුවේ තම පාර්ශ්වයේ අනාගැනීම පළකර සිටියේ තමන් විසින් පළ කළ පුවත සත්‍යය බව තහවුරු වූ බවට ගජබින්න ඇද බාමින්ය. කොහොමටත් රාඩා වංචා චෝදනා එල්ල වී ඇති ටිරාන්ගේ මඩ පුවත්පතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට නොහැකිය. තකට තකයි සීනි මුලයි මෙන් තුෂාර ගුණරත්නද අදාළ මාධ්‍ය ගණිකා සේවය කදිමට ගලප්පවමින් මේ වැඩේ ඉදිරියට ගෙනයාමට සැලසුම් සහගතව ඊට එක්ව සිටියී.

ඒ වෙනුවෙන් ටිරාන්- තුෂාර නඩය පුවතක් පළකරමින් සඳහන් කළේ වංචාව ගැන අහන්න මහජන බැංකුවේ ප්‍රධානීන් කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව සඳහන් කරමින්ය. ඒ වෙනුවෙන් මූල්‍ය මාෆියාවේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන මව්බිම ඒ පුවත පළකරන්නේ නිකන්ම නොවේය. ඔවුන් මේ පුවත පළකරන්නේ කෝප් සභාපති හඳුන්නෙත්ති මහත්තයාද ඊට සම්බන්ධ කරමින්ය. ඒ අනුව මහජන බැංකුවේ ප්‍රධානීන් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිත බව එයින් වැඩිදුරටත් කියැවිණ.

ජනතාවට ඇත්ත කියන බවට නිතර සපථ කරන මේ මහත්වරු, අක්කා ලලක්කා ට අඳින්නේ මෙතනදීය. එනම් මේ පුවත ජනතාව නොමගයවන සුළු බවත් කොහොමටත් සැප්තැම්බර් 22 මහජන බැංකුවේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඒමට නියමිත බවත් පවසන්නට ඔවුන්ට කොන්දක් නොතිබීමය. එසේම එහිදී සිදුකිරීමට නියමිතව තිබෙන්නේ මහජන බැංකුවේ පසුගිය කාර්යසාධනය හා කළමනාකරණය, ගිණුම් ඇස්තමේන්තු සලකා බැලීම බව නොකියා සිටීමය. තවද අවම වශයෙන් කෝප් කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්හි පරීක්ෂා කරන ලද , අයවැය හා ඇස්තමේන්තු, මූල්‍ය ක‍්‍රියාපටිපාටිය, කාර්යසාධනය හා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම බවත් ඒ වෙනුවෙන් පදනම් කර ගනු ලබන්නේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන දෑ බවත් නොපැවසීමය. සුනිල් මහතත්යා කියන්නට ඇඹරුනාට මේ හමුවේ ඇඹරෙන්න දෙයක් අපට නැත. ඒ අනුව අප පාඨක ඔබට වගකීමෙන් දැනුම්දෙන්නේ මහජන බැංකු ප‍්‍රධානීන් කෝප් කමිටුවට කැඳවන ලද්දේ සම්ප‍්‍රදායක් ලෙස පසුගිය වසරවලට අදාළ ගිණුම් කටයුතු සහ බැංකුවේ කාර්යසාධනය ආදී කාරණා පිළිබඳ විමසන්නට බවය. එසේම මේ කැඳවුම කෝප් කමිටුව මහජන බැංකුවට ලබා දී තිබුණේ මීට පෙර මාසයක වුවත් ඒ අවස්ථාවේ දී බැංකුවේ සභාපතිවරයා විදේශගත වී සිටි නිසා එම දිනය වෙනුවට සැප්තැම්බර් 22 දිනය ලබා දුන් බවය. ඒ නිසා වංචාව ගැන අහන්න බැංකුවේ ප්‍රධානීන් කෝප් හමුවට කතා ජනතාව ගොනාට අන්දන බොරු ෂෝ මිස ඊට වඩා දෙයක් නොවේය.

අප කියන මේ කතාව ජවිපෙ වෙත නගන අභූත චෝදනාවක් ලෙස යමෙකුට සිතෙනවානම් ඔවුන් කළයුතුව ඇත්තේ පහත සබඳතාව වෙත ගොස් එය කියවා බැලීමය. (http:// www.parliament.lk/si/ component/ committees/commitee/ show Committee? id=9&type= committee & Itemid=106) එවිට ඇත්ත නොකියන්නේ සහ අවස්තාවාදී ලෙස ජනතාවට සත්‍ය වසන් කරන්නේ කවුද යන්න දැනගැනීමට ඔබට හැකිවෙනු ඇත.

කෙසේ වුවත් එවැනි සුජාත හැසිරීමක් අප මේ මොහොතේදී ජවිපෙ වෙතින් බලාපොරොත්තු වන්නේ නැත. ඒ මුල්‍ය මාෆියාව හමුවේ ඔවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි අදහසක් සහ තහවුරුවක් අපට ඇති නිසාය. එනිසා අපි ඒ මහත්වරුන්ට කියන්නෙ මහත්තයෝ ඔහොම යමු කියා පමණය.

ඉහත අසත්‍ය පුවත පළකිරීමෙන් නොනැවතුණු මුල්‍ය මාෆියාවේ මාධ්‍ය නඩය ඊළඟ පුවත පළකරන්නේ සැප්තැම්බර් 23 දාය. එදා ඔවුන් පවසන්නේ කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම හමුවේ මහජන බැංකුවේ ප්‍රධානින් නිරුත්තරවූ බවය. අප ඒ සාවද්‍ය පුවත හමුවේ සුනිල් මහත්තයාගෙන් අසන්නේ මහත්තයෝ එසේ මහජන බැංකු ප්‍රධානීන් හතර ගාතේ වැටෙන්න අහපු ප්‍රශ්න ටික පොඩ්ඩක් කියන්න පුලුවන්ද කියා පමණය. අපට අනුව නම් මේ සිදුවීමේදී බොරු හඬ මිස වැඩ මොකුත් තිබුණේ නැත.

ඉතින් මේ වැඩ හමුවේ අක්කා ලලක්කා සිහිවීම අපිට ඒ කාන්තාවන් වෙත කරන නිග්‍රහයක්ය. එහෙත් මේ දේශපාලන ගණිකාවන් තවදුරටත් ජනතාව ඔවුන් වෙත තබා ඇති ආදරය පාවාදීම අවසන් කර නැති බැවින් මේ අයට ගණිකාවන් මිස කියන්නට වෙන නමක් අප තවම සොයාගෙන නැත. එනිසා ඒ නම තවදුරටත් භාවිත කරන්නට අපට සිදුව ඇත.

ඒ බව හොඳින් තහවුරු වන්නේ ගෝලයෝ දුවමින් කරන දේ නායකයා හිටගෙන කරන්නට ගෙන ඇති පසුබිමක් අප හමුවේ පෙනෙන්නට ඇති නිසාය. මෙරට වමේ, විශේෂයෙන් ජවිපෙ නායකයකු මුල්‍ය මාෆියාව පාර්ශ්වය ගෙන ඒ සමඟ හිටගත් පළමු අවස්ථාව සනිටුහන් කරමින් මේ වන විට අනුර මැතිඳාද වත්ත වටේ ගිනි තියන්නට ගෙන ඇත.

ඒ තුළ අවම වශයෙන් කෝටි 70ක මුල්‍ය වංචාවක් තබා ගනුදෙනුවක් වත් සිදුව ඇත්දැයි විමසන්නට අනුර මැතිඳා කටයුතු කරන්නේ නැත. අදාළ චෝදනාව නගන්නේ මුසාමිල්ගේ පුතා බවත් ඔහු ධම්මිකගේ ව්‍යාපාරවල අධ්‍යක්ෂ වරයෙකු බවවත් අනුර මැතිඳා සලකන්නේ නැත. චෝදනා කඩිනමින් විභාග නොකිරීම තුළ රාජ්‍ය බැංකුවකට මූල්‍ය වෙළෙඳපොළ තුළ අත්වන අවධානමද අනුර මැතිඳාට අදාළ නැත. අවම වශයෙන් රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල තීරණ හැරෙන තැපෑලෙන් තවත් පාර්ශ්ව වෙත පත්වීම ගැනවත් අනුර මැතිඳා අසන්නේ නැත. ඒ වෙනුවට ඔහු ප‍්‍රශ්න කරන්නේ අභූත චෝදනා අභියෝග යට ලක් කර මහජන බැංකුව දැන්වීම් පළකරන්නේ කාගේ සල්ලි වියදම් කරමින් ද කියාය. එපමණක් නොව අද (27) මහජන බැංකුවේ සේවක මණ්ඩල, වෘත්තීය සමිති, ඇතුළුව මහජන බැංකුවෙන් විශ්‍රාම ගිය පාර්ශව එකතුවී මුල්‍ය මාෆියාවට එරෙහිව සිදුකළ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්නටද ජවිපෙ මැදිහත් විය. ඒ සිය බැංකු වෘත්තීය සමිතිය හරහා සියලු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරවමින්ය.

රාජ්‍ය ආයතන රකින බව කියන, රාජ්‍ය බැංකු වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටින බව පෙන්වමින් මුල්‍ය මාෆියාව වෙනුවෙන් සිය වෘත්තීය සමිති පවා ඉදිරියට කැඳවන්නට තරම් මේ අය අද පහතට වැටී ඇත. කෙසේ වුවත් මහජන බැංකුව රැක ගැනීම වෙනුවෙන් මැදිහත්වූ පිරිසට ජවිපෙ මැදිහත්වීම තුළ සිදුවූ කිසිවක් නැත.

කෙසේ වුවත් මේ හමුවේ සෝමවංශ ජාතිවාදයේ අන්තිම ඉම දක්වා ගෙන ගිය පක්ෂය අනුර මැතිඳා මුල්‍ය මාෆියාව සමඟ රැගෙන යන දිශාව සහ එහි අවසානය ගැන අපිට පැහැදිලි නිසා අපි නායක මැතිඳාට ඒ මගම යන්නට ආශීර්වාද කරනවා මිස ඒ ගැන අවකැපෙන කතා කියන්නට යන්නේ නැත.


එහෙත් මෙරට ජනතාවට කියන්නට දෙයක් අපට ඇත. දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියමිත කැසිනෝ මහල්ලා සහ පුතා මුල්‍ය මාෆියාව වෙනුවෙන් මේ මොහොතේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය වලකාලන්නට එහි ආරම්භයේ පටන් කටයුතු කරමින් සිටියි. මේ ඉතා දැනුවත්ව සිදුකරන කටයුත්තක් වන අතර ඔවුන් ඩිජිටල්කරණය පමා කරවීමට අමතරව ඊට අදාළ දෘඩාංග සැපයීමට ඉදිරිපත්වූ පාර්ශ්වය සමඟද මේ වන විට සිටින්නේ ආරෝවකින්ය. ඒ ඇයිද යන්න අප මෙතැන නොලියන අතර ඒ සැපයුම්කරුවාට අමතන දුරකථන අංකය අමතක නම් සොයාදීමට උදව් වීම සඳහා අපට හැකි බව පමණක් මෙහි ලියා තබමු. එසේම අවශ්‍ය පරිදි ඉදිරියේදී මේ ගැන අටුවා ටීකා සහිතව අප හෙළිකරන අතර ඒ කොටස් මීට වඩා රසවත් වනු ඇත.

ඒ කතාව රසවත් වන්නේ තවත් දේශපාලන ලොකු පුටු කිහිපයක් සමඟ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ කටයුත්ත වලක්වන්න සාකච්ඡා කරමින් සිටින නිර්ධන පංතියේ ධනපතියන් ගැනද ලියන විටය. මේ වන විටත් ඒ වෙනුවෙන් දමමින් සිටින ඩීල් ගැන තොරතුරු අප වෙත ලැබෙමින් ඇති අතර ඒ ගැනද ඉදිරියේ අප ලියා හෙළිකරන්නට සුදානම්ය. එවිට මුල්‍ය මාෆියාවේ කොන්ත්‍රාත් ඉටුකරන මේ මාධ්‍ය- දේශපාලන තක්කඩි විශේෂ වෙත අප ලලක්කා කියා ඇමතීමද හොඳ වැඩි නොවේදැයි ඔබට සිතෙන්නට පුළුවන.

එතෙක් අපි සියලු ලලක්කාලට දැනුම් දෙන්නේ නිතර හඬන විකාර සීනු නාද වෙනුවට වෙනස් සීනුවක් නාද වීමට නියමිතව ඇති බවත් ඊට සුදානම් වන ලෙසත්ය. ඒ විසල් සීනු නද කුමක්ද? මහත්වරුණි ඒ දන ගන්නට සීනුව නාදවනතුරු ඉවසන්න. බැරිමනම් ඔබ ගැන කියවෙන මේ ගී හඬට සවන්දෙන්න.

“බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා”

සැබැඳි ලිපි

මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? (දෙවන කොටස)

මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? (පළමු කොටස)

Last modified on Monday, 03 October 2016 13:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us