මෛත්‍රී සන්ධානයෙන් ඉවත්විය යුතුයි - උදය ගම්මන්පිල

Published in පුවත්
Tuesday, 17 November 2015 09:00

සන්ධානයට ආදරයක් ඇති නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එහි නායකත්වයෙන් අස්වන ලෙස යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයේ ඉන්නා තුරු ඔහු සමග මැතිවරණයකට නොයන බවද උදය ගම්මන්පිල පවසයි.

යමක් එකම තියරියට කරලා වෙනස් ප්‍රතිඵල දකින්න එපා යැයි ඇල්බට් අයිස්ටයින් පවා කියා ඇති බව උපුටා දක්වමින් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ජනවාරී 8 හා අගෝස්තු 17 මැතිවරණවලින් එම තියරිය සනාථ වූ බවත්, ඒ නිසා ඔහුගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ නොකිරීමට තීරණයක් ගෙන අවසන් බව ඔහු සදහන් කළේය.

කොහොම නමුත් මේවන විට උදය ගම්මන්පිල යනු විපක්ෂයට වී සිටින එක මන්ත්‍රීවරයකු පමණක් වන අතර තවත් එවැනිම මන්ත්‍රීවරු පිරිසක් සමඟ ඉදිරි පළාත්පාලන මැතිවරණය සඳහා වෙනම කණ්ඩායමක් ලෙස එම පිරිස තරගකිරීමට තීරණය කර තිබේ. මෙම කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us