ගුණරත්නම් ගැන තීන්දුව ජනපති අතේ

Published in පුවත්
Monday, 16 November 2015 20:09

මේවන රිමාන්ඩ් බාරයේ පසුවන පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසි භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරය විසින් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම දෙපාර්තමේන්තුවට කළ හැකිවන්නේ මෙරට නීතිය අනුව ඔහු නැවත ඕස්ට්‍රෙලියාවට යැවීම පමණක් බවත් ඉන් පසුව ඔහුට මෙරට ද්විත්ව පුරවැසි බාවය ඉල්ලුම් කළ හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

එහෙත් ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය පමණක් හිමි ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබා දීම සිදු කිරීමට ඇත්තේ අල්ප ඉඩකඩක් වන බවත් ජනාධිපතිවරයා ඊට අනුකූල තාවයක් දැක්වූවත් ඔහුව බලයට පත් කිරීම සඳහා තීරණාත්මක වැඩ කොටසක් කළ දේශපාලකයකුගෙන් එල්ල වී ඇති බලපෑම මත ඒ ඉ‍ටුවීමට ඉඩක් නැති බවත් පැවසේ. තමව මරාදැමීමට සැලසුම් කරමින් සිටින බව කියමින් ගුණරත්න මහතාව මෙවරද අත් අඩංගුවට ගැනීමට බල කරන ලද්දේද එම දේශපාලඥායා විසිනි.

ඒ කෙසේ නමුත් ගුණරත්නම් මහතාට පුරවැසි භාවය ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමත්‍යංශය යම් මැදිහත් වීමක් සිදු කරමින් සිටින බවත් දැන ගැනීමට තිබේ. මන්ද එම සිදුවීම මෙරට රාජතාන්ත්‍රික ගැටළු ඇති කිරීමට මේවන විටත් සිදුව ඇති බැවිනි.

 

සැබැඳි පුවත්:

ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්න තොරතුරු දුන්නේ අනුර ! - ගොඨා (හඬපටය)

Last modified on Monday, 16 November 2015 20:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us