ඡන්ද පොළට යන්න අපහසුනම් ප්‍රවාහන පහසුකම් !

Published in පුවත්
Tuesday, 21 July 2015 12:49

කායික දුබලතාවන්ගෙන් යුතු තැනත්තන් හට ඡන්ද පොළ වෙත යාම සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අගෝස්තු නව වනදා දක්වා පවතී.

යම් කායික දුබලතාවක් හේතුවෙන් මහජන ප‍්‍රවාහන සේවාවක් මගින් ඡන්ද පොළ වෙත ගමන් කළ නොහැකි ඡන්ද දායකයින් සඳහා තම මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ප‍්‍රවාහන පහසුකම් ඉල්ලා සිටීමේ අයදුම් පත‍්‍රයක් යොමු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් සහතිකයක් සමග මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ආදර්ශ අයදුම් පත‍්‍රය මේ සඳහා යොමු කළ යුතුය.

තේරීම්භාර නිලධාරීවරයාගේ තීරණය මත පදනම්ව අදාළ ඡන්ද දායකයා හට විශේෂ ප‍්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවසරය නිකුත් කෙරෙනු ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පහැදිලි කරයි.

ඡන්දය භාවිතා කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය කායික ආබාධයක්,දුබලතාවක් හෝ රෝගී තත්වයක් නිසා අහිමි වීමට දී බලා සිටිය යුතු නොවේ.ඒ නිසාම මෙම ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට එම පහසුකම සලසාදීමට හා දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us