මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්

Published in පුවත්
Tuesday, 21 July 2015 14:07
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.  මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.
 
 ඔහු සහභාගී වන ‍රැස්වීම සඳහා පිටතින් ‍රැගෙන එන පිරිස් හැරුණු කොට එම ප්‍රදේශවල පාරම්පරික ශ්‍රී ලනීප පාක්ෂිකයන්වත් සහභාගී නොවන බව මේවන විට පෙනී ගොස් ඇත. අනුරාධපුර ‍රැස්වීමෙහිද මෙම තත්වය කැපී පෙනුන බව ශ්‍රී ලනීපයේ ජෙෂඨයන්ගේ මතය වී තිබේ. එමෙන්ම රාජපක්ෂ මහතා විසින් ‍තෝරා ගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුට පමණක් සහය දීම නිසා සන්ධාන අපේක්ෂකයන් කැළඹීමට පත්ව ඇති අතර රාජපක්ෂ මහතාව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනිමට ඔවුන් දැඩි උත්සහයක්ද ගනිමින් තිබේ.
 
හිටපු ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 58 ගැන විශ්වාසය තබා මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට තනිව ආණ්ඩුවක් පිහි‍ටුවා  ගැනීමට මහින්දවාදි කොටස් කල්පනා කළහ. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකකම ලබා ගැනීමද ප්‍රමුඛ විය.   සන්ධානයේ මහින්දවාදීන් ගනන් බැලුවේ මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ලක්ෂ 62  මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ලක්ෂ 6 ක් 7ක් ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 4 ක් 5 ක් හා සෙසු කණ්ඩායම් වලට බෙදී යන තවත් ඡන්ද ලක්ෂ 5 ක් පමණ කැඩී වෙන්ව යාමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ඡන්දය දුන් ලක්ෂ 7 ක් 8 ක් වූ ශ්‍රී ලනීප පාක්ෂිකයන්ගේ ඡන්දයත් ඉවත් වූ විට විට එජාපයට ලැබෙන ලක්ෂ 35 - 40  ක පමණ උපරීම ඡන්ද සංඛ්‍යාවෙන් ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම අසීරු වනු ඇති බවය.
 
පසුගිය මැතිවරණ ප්‍රතිප අනුව එජාපයේ ස්ථිර පදනම ඡන්ද ලක්ෂ 25 කට පමණ සීමා වී තිබිණි.
 
එහෙත් දැන් තත්වයන් වෙනස් වෙමින් තිබේ.  
 
පළමු කරුණ මහමැතිවරණයකදී ජනතාව ඡන්ද පාවිච්චි කරන නිර්නායකයන් අනුව  ජනාධිපතිවරණයකදී තිබෙන උණුසම නොමැති වීමය. බොහො විට ඡන්දය ප්‍රකාශ වීම අඩුවෙයි.  පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵ පිරික්සීමේදී ඒ බව පෙනී යයි. 
 
දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත්වන අපේක්ෂකය්ගේ ආකර්ෂණය මහ මැතිවරණයේදී දිස්ත්‍රික් ප්‍රතිපය කෙරෙහි බලපාන අතර මෙවර මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම සෙසු දිස්ත්‍රික්කයන්හී මැතිවරණ ප්‍රතිපය කෙරෙහි තීරණාත්මක වන්නේ නැත. ඔහු මේවන විට මන්ත්‍රීවරයකු හො එම පක්ෂ නායකයා හෝ නොවීමත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අගමැතිධුරය හෝ ඔහුට නොලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්වයක් තුල ඔහු ජනතාව තුල බලවත් සාධකයක් ලෙස සැලකෙන්නේ නැත. එමෙන්ම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුල තවමත් මහින්ද රාජපක්ෂ  ආකර්ෂණීය නායකත්වයක් ලෙස මතුව නොමැත. සිංහල ජාතිවාදය හැර, වෙනත් සරුසාර සටන් පාඨයක්ද මෙවර ඇත්තේ නැත. එමෙන්ම දූෂණ වංචා චෝදනා ලැබූවන් රාජපක්ෂ මහතා විසින් නැවත තම සමීපයට ගැනීමද සිහි බුද්ධියක් ඇති ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ කලකිරීමට හේතුවී ඇත.
 
 
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ශ්‍රී ලනීපයට ඔබින  සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු  පංච මහා බලවේගයට නායකත්වය දෙන සාධාරණ පාලකයකු ලෙස ශ්‍රී ලනිප පාක්ෂිකයා කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතී. තම පක්ෂය ත්‍රාඩ පාලකයෙකුගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබෙන බව සාම්ප්‍රදායික ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ මතය වෙ තිබේ. මේ අනුව මෙවර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවාට වඩා නිහඬ සිටීමට හෝ වෙනතක් බලා ගැනීමට බොහෝ පාක්ෂිකයන් තීරණය කරනු ඇත.
 
මේ තත්වය හමුවේ ශ්‍රී ලනීපයට මීට පෙර පාවිච්චි වූ පාවෙන ඡන්ද අනුව බහුතරයක්ද  මෙවර එජාපයටත් ජවිපෙටත් ඇදී යා හැකිය. මේ සියලු සාධකයන් මත  මහින්ද රාජපක්ෂව සන්ධානයට නැවත කැඳවා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිප නොලැබී යාමේ අවදානමට  මේ වන විට සන්ධානය මුහුණ පා සිටී. 
 
- ජනතා පාක්ෂිකයා
 
 
Last modified on Tuesday, 21 July 2015 14:20

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us