මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා, මෛත්‍රී අනුරට කියලා Featured

Published in පුවත්
Tuesday, 21 July 2015 10:14

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ කෝටි 16.9 ක මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ජනධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බව තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(20) කුරුණෑගල පැවැති ‍රැලියකදි ප්‍රකාශ කර ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති ආර්යාව විසින් පවත්වාගෙන ගිය සිරිලිය ගිණුම සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ විණි.

කෙසේ නමුත් රාධා මුදල් වංචාව සම්බන්ධයෙන් එහි සභාපතිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතාටද චෝදනා එල්ල වී තිබේ. මෙලෙස වංචා කළ මුදල් එල්ටීටීඊ සංවිධානය වෙත ලබා දි ඇති බවටද චෝදනා එල්ල වී ඇති අතර 2005 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීම සිදු කළේද ටිරාන් අලස් මහතා මඟිනි.

රාඩා අයතනයේ සිදුවූ මූල්‍ය වංචා ම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එහි මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමද සිදු විය.ටිරාන් අලස් මහතා තමාව අත් අඩංගුවට ගැනීම වලකාලන අධිකරණ නියෝගයක් ලබා ගෙන නිදහසේ සැරි සරයි. ඒ අතර මහින්ද රාජපක්ෂ මහාතාගේ අවශ්‍යතාවය මත මෙලෙස චෝදනා එල්ල වී ඇති ටිරාන් අලස් මහතාට එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහ යෝජනා වී තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us