විමල් දිනපොතෙන් ගහපු ගැහිල්ල හෙළිදරව් වෙයි

Published in පුවත්
Saturday, 18 July 2015 08:17

ඉදිකිරීම් නිවාස පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරද්දී විමල් වීරවංශ මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් දිනපොත් මුද්‍රණයට එකතුකරගත් රුපියල් ලක්ෂ එකසිය හතළිහට සහ එම අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් වීව් සමාගම දිනපොත් මුද්‍රණයට වෙන් කළ මුදලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ එකසිය තිස්තුනක මුදලට සිදුවූයේ කුමක්ද එය කාගේ සාක්කුවකට ගියේද යන කාරණාවට පිළිතුරු ලබාදෙන ලෙසට එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේය. එම කාරණාව පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

එම අභියෝගය කළේ ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක 16 මාධ්‍ය හමුවේදීය. අදාළ දිනපොත් ගනුදෙනු පිළිබඳව නලීන් බණ්ඩාර මහතා මෙසේ විස්තර කළේය.

2015 වසර වෙනුවෙන් දිනපොත් මුද්‍රණය කිරීමට එම අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් වීව් නමැති සමාගමට භාරදී තිබේ. ඒ සඳහා මිල ගණන් කැඳවීමට අදාළ සමාගම පියවර ගත්තේය. ඒ අනුව නුගේගොඩ ඉමාෂි සමාගම දිනපොත් හතළිස්දහසක් මුද්‍රණය කිරීමට රුපියල් ලක්ෂ 140ක ඇස්තමේන්තු ඉදිරිපත් කළේය. එක දිනපොතකට වැය වන මුදල රුපියල් තුන්සිය පනහකි.

එම ඇස්තමේන්තුව ඕෂන්වීව් සමාගම පිළිගත්තේය. එහිදී මුද්‍රණය කෙරුණේ දිනපොත් දෙදහසක් පමණි. ඒ සඳහා වියදම් වුණේ රුපියල් ලක්ෂ හතකි. එසේ නම් ඉතිරි රුපියල් ලක්ෂ එකසිය තිස්තුනට කුමක් සිදුවීද යන්න ගැටලුවකි.

එම ලක්ෂ 133ට අමතරව අමාත්‍යාංශය එකතු කරපු ලක්ෂ 140ක්ද වෙයි. ඒ ලක්ෂ 140ට සිදුවුණේ කුමක්ද යන්නටත් පිළිතුරු දෙන්නැයි හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාර අභියෝග කරයි.

dinamina

Last modified on Saturday, 18 July 2015 08:20

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us