වෙළේ සුදා එළියට එන ලකුණු

Published in පුවත්
Friday, 17 July 2015 15:53

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට අත් අඩංගුවට ගත් වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට පනවා ඇති නඩුවට අදාළ පොලිස් වාර්තා අස්ථානගත වී ඇති බව මීට ඉහතදී වාර්තා විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලදී ඔහු හෙළිදරව් කළ බෙහෝ කරුණුද නොමග යැවීම් උදෙසා සිදු කළ ප්‍රකාශ ලෙසම යට ගියේය.

නඩුවට අදාළ පොලිස් වාර්තා අස්ථානගත වී ඇති බැවින් වෙළේ සුදාට එරෙහි නඩුව තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අගෝස්තු මස 16 වනදාට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයා වෙත නියෝග කළේය.

ගල්කිස්ස පොලීසිය සතුව තිබූ එම වාර්තා අස්ථාන ගත වීම හේතුවෙන් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම බරපතල ගැටළුවක් යැයි ඔහු කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

නඩුව ඊයේ විමසා බැලූ අවස්ථාවේ වෙළේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඔහු නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් වෙලේ සුදා අත්අඩංගුවට ගත්තද නියම සුදාලා තවම නිදැල්ලේ සිටින නිසාවෙන් ඉදිරි තත්වය පිළිබදව අැත්තේ අපැහැදිලි චිත්‍රයකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us