ජාතීන් සහ ආගම් නියෝජනය කරන පක්ෂ තහනම් කරන්න-ඉනාමළුවේ ශී‍්‍ර සුමංගල හිමි

Published in පුවත්
Friday, 17 July 2015 10:15

ජාතීන් සහ ආගම් නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ තහනම් කරන්නේනම් ඒ හරහා ජාතික සංහිදියාව ගොඩනැගිය හැකි බව රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ ශී‍්‍ර සුමංගල හිමියන් පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජී එල් පීරිස් මහතා අද උදෑසන රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කර අැත.

දේශපාලනඥයන් සංහිදියාව සම්බන්ධයෙන් කුමන අදහසක් පළ කළද රටේ ජනතාවට ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් නොමැති බවයි සුමංගල හිමියන් පෙන්වා දී අැත. ආගම්වාදී හා ජාතිවාදී දේශපාලන පක්‍ෂවල කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් රට විනාශයට පත්වන බවද උන්වහන්සේ අවධාරණය කළේය.

මේ රට ජාතිවාදය හා අාගම් වාදය නිසා අැවිළෙන තත්වය වෙනස් කල යුතුව පවතින අතර මේ තත්වය ප්‍රයෝජනයට ගනිමින් වැජඹුනු පාලකයන් නිසා සිදුවූයේ අැවිලෙන ගින්නට පිදුරු දැමීමක්මය. දැන් මේ ගින්න නිවා දැමීම සහ ගින්න අැතිවීමට බලපාන සාධක වෙනස් කළ යුතුව පවතී. එසේ නොවන තාක් අපට ඉදිරියට යා නොහැකිය. අපේ රටේ ජනතාව තුළ මේ පිලිබද අවබෝධයක් අැති කර වීම සදහා වැඩපිළිවෙලක් අවශ්‍යව පවතී.ඒ උදෙසා වන පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය නොවනතාක් ඒ වෙනස සිදුනොවනු අැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us