ෆේස්බුක් තමයි ඔක්කොම කරන්නෙ - නිමල්

Published in පුවත්
Friday, 17 July 2015 10:28

දේශපාලන පක්ෂ වල අර්බුද තිබුණත්, පසුගිය මැතිවරණයේදි මෙන් ෆේස්බුක් ප්‍රෝඩාවට යට නොවී ඡන්ද භාවිත කරන්නැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පැවැසීය. ඊයේ (16දා) බදුල්ල නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති තරුණ හමුව අමතමින් ඔහු එම අදහස් දැක්වීය.

"ජනවාරි 8 වැනිදා පරාජයෙන් පරාජයට පත් වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙවෙයි. මේ රටේ ජනතාවත් පරාජයට පත් වුණා. එදා සමහර අය හංසයාට ගැහැව්වා පොඩි වෙනසකට කියලා. දැන් වෙනසේ තරම තේරෙනවා. අපි මේ වෙනස අනිත් පැත්තට හරවන්න තවත් වෙනසක් කරන්නට ඕනි.

දේශපාලන පක්ෂවල ප්‍රශ්න හා අර්බුද තියෙනවා. දේශපාලන පක්‍ෂ හොඳට තිබුණත් මනාප ගහන්න ගියාම ප්‍රශ්න හා අර්බුද තියෙනව. බොරු ප්‍රෝඩාවලට රැවටෙන්න එපා. ෆේස්බුක් ප්‍රෝඩාවට රැවටෙන්නත් එපා. ගියසැරේ රැවටුණා. මේ සැරේ එහෙම රැවටෙන්නේ නැතිව තමුන්නාන්සේලාගේ පෙලගැසෙන්න"

තමන්ගේ ආසනයද පරාජයට පත් වුවද අගමැති සිහින දරා සිටිනා නිමල් සිරිපාලට මෙසේ කිව හැකිය. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැති වුවද නිමල් සිරිපාලට ඔයිට වඩා දෙයක් දෙන්නේ නැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us