හිත් රිදවා ගත් සුදර්ශනී,ලසන්ත හා එරික්ට අැමතිකම් එපාවෙයි

Published in පුවත්
Thursday, 16 July 2015 15:38

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන අය සිය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රීලනිපයේ සභාපති ලෙස සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේය.

ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය දරමින් එළඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිව සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් හා සන්ධානය මහමැතිවරණයෙන් පරාජය වන බවට ඉඟි කිරීම ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් බව ඇය සඳහන් කළාය.

ඒ අනුව තමන් ඇතුළු ලසන්ත අලගියවන්න,එරික් වීරවර්ධන යන අයත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට යොමු කළ බවත්, ඒවා බාර නොගත් බවට දැනුම්දීමක් කර නොමැති බවත්, එබැවින් තම ඉල්ලා අස්වීම නීත්‍යනුකූලව සිදුව ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මිය අවධාරණය කළාය.

එරික් වීරවර්ධන මහතා කටයුතු කළේ වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ලසන්ත අලගියවන්න මහතා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us