මහින්දගේ ගැහිලි හමාරයි-ධර්මසිරි බණ්ඩාරනායක

Published in පුවත්
Thursday, 16 July 2015 15:22

දිපන් මට ඡන්දෙ කියා මහින්ද යළි මහ මැතිවරණයට පැමිණ අැති බවත් පසුගියදා සුසිල්ට මූණ හරහා ගැසූ මහින්දට කියන්නට අැත්තේ දැන් ඔහුගේ ගැහිලි හමාර බවයි යනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍. ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.

රාජපක්ෂ පාලනය නිසා මේ රට අවුරුදු 10 ක් පූරා මළ ගමක් වී තිබුණ බවත් ඒ මළගම තවදුරටත් ඉඩනොතැබිය යුතු බවත් ඔහු කීවේය.

කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.

‘මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ආරක්ෂා කර ගැනීමේ වගකීමත් බුද්ධිමත් පුරවැසියන් ඉටු කළ යුතුයි.‘ ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මහින්ද රාජපක්ෂ පන්සල්ගානේ යමින් ශාසනාලයක් පාමින් කටයුතු කරන බවත් හාමුදුරුවරුන්ද හිගන්නන් මෙන් හැසිරෙමින් අාධාර ඉල්ලා සිටින නිසා අද බුද්ධශාසනය පත්ව අැති තත්වය ගැන කණගාටුවක් අැති වන බවයි. හිටපු ජනාධිපතිවරයා බුද්ධාගමට ඒ තරම් අාදරේ නම් මල්වතු අස්ගිරි නාහිමි කාර්රේස් නවත්වන්න කියද්දි දළදා වහන්ෙස් ඉදිරිපිටට රුසියාවෙන් තරුණියන් ගෙන්වා නැටවූයේ මන්දැයි විමසා සිටියේය.

මේ අාණ්ඩුව මහා පරිමාණයෙන් එතනෝල් ගෙන්වා අැති බව දැන් පවසන බවත් පසුගිය අාණ්ඩු සමයේ නීතියෙන් පිටස්තරව බදු නොගෙවා සිදු කළ එතනෝල් ජාවාරම අද සිදු නොවන බවත් අද ඒ කටයුතු සිදු වන්නේ නීතියට අනුකූලව බව ඔහු කීවේය.

අාසියාවටම කුඩු බෙදන මැලේසියානු කුඩ්ඩෙක් රාජපක්ෂ පවුලට හිතවත්ව කටයුතු කළ බවත් සෙල්වම් චිත්‍රපටය හැදු ඔහු පිළිබදව ෆයිල් පරීක්ෂණ පවත්වන නිලධාරීන් සතුව පවතින බව පැවසුවේය. රාජපක්ෂලා ඔහු සමග සම්බන්ධවී මේ රටේ අසරණ දරුවන් කුඩු වලට අැබ්බැහි කර, මත් පෙති ගිල්වා තරුණ ජීවිත විනාශ කර දැමූ බවත් ඒ පාලකයන්ට ශාපවේවා කියනවා හැර වෙන කියන්නට දෙයක් නැති බව හෙතෙම පැවසුවේය.

එබදු විනාශයක් සිදු කළ ඒ හොර දූෂිත නඩය අගෝස්තු 17 දා පැරදවීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us