නීති කඩමින් හෙද නිලධාරීන් 475කට මාරුවීම්

Published in පුවත්
Monday, 13 July 2015 14:07

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වයඹ පළාතේ හෙද නිලධාරීන් 475කට ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ක්‍රියාකර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

මැතිවරණ පනත අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පත්වීම්, ස්ථාන මාරුවීම්, උසස්වීම් හා වරප්‍රසාද ලබාදීම්වලින් වැළකී සිටිය යුතුය. මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා නිකුත් කළ විශේෂ චක්‍ර‍ලේඛය හරහාද ඒ බව තහවුරු කර ඇත.

මැතිවරණ නීති සාහසික ලෙස උල්ලංඝනය කරමින් කර ඇති මෙම ස්ථාන මාරුව නතර කරන ලෙස සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

දින 3ක් තුළ මෙම ස්ථාන මාරුවීම් නතර නොකළහොත් වයඹ පළාත තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රත්නප්‍රිය මහතා අවධාරණය කරයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us