එජාපයට පක්ෂ හා සංවිධාන 40ක සහාය

Published in පුවත්
Friday, 10 July 2015 11:46

මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව සඳහන් කරයි.

මේ නිසා එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස අලියා ලකුණින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

පක්ෂයට සහයෝගය දක්වන සංවිධාන සහ පක්ෂවල සියලුම දෙනාගේම ඉල්ලීම වී තිබෙන්නේ මැතිවරණ සලකුණ ලෙස අලියා ලකුණ භාවිත කිරීමට බවත් මේ නිසා අලියා ලකුණෙහි කිසිදු වෙනසක් සිදු නෙවන බවත් ඔහු පැවසීය.

මෙය 2001 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ආකාරයට ආසන්න ක්‍රමයක් බවද අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලබාදීම අද (10ද) සහ 13 වැනිදා සිදුකිරීමට නියමිතය.

එම පක්ෂයේ මහා සම්මේලනය හෙට (11) කැම්බල් පිටියේදී පැවැත්වේ. මංගල ප්‍රචාරක රැලිය 14 වැනිදා මහනුවරදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. මැතිවරණයෙන් පසු ජනතාවට ලබාදෙන සහන පිළිබඳ යෝජනා කිහිපයක්ද පක්ෂ මහා සම්මේලනයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව පවසයි.

මැතිවරණ නීතියට ගරු කරමින් ආදර්ශවත් මැතිවරණයක් සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී පාක්ෂිකයන්, අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එජාපය පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us