චන්ද්‍රිකා යන්න යයි!

Published in පුවත්
Friday, 10 July 2015 11:28

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (09) පුද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.සතියක පමණ කාලයක් ලන්ඩනයේ ගත කිරීමෙන් පසු අැය යළි මෙරටට පැමිණ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක් වන හිටපු ජනාධිපතිනිය සන්ධානයේ නාම යෝජනා අර්බුදය සම්බන්ධයෙන් සිය නිල ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

එහෙත් හිටපු ජනාධිපතිනිය ඇතැම් පුද්ගලයින්ට නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය. ජනවාරි 08 වනදා ලැබූ ජයගුහණය උදෙසා හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග සිදු කළ මෙහෙය ද අමතක කළ නොහැක්කකි. නමුත් දැන් පවතින දේශපාලන වාතාවරණය හමුවේ අැයගේ අපේක්ෂාවන් පවා බිද වැටී අැත.ඒ වෙනුවට දූෂිත පාලකයෙකු ලෙස අනාවරණය වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අපේක්ෂාවන් මුදුන්පත් වෙමින් පවතී.

යහපාලනයක් අැති කිරීම උදෙසා කරළියට ගෙන අා වත්මන් ජනපතිතුමා දැන් අනුබල දෙන්නේ හොර තක්කඩීන් පිරිසකට වීමද නිසා අැය පසුවූයේද කෝපයෙන් සහ කළකිරීමෙන් බව සැළවිය.

කෙසේ වුවද ඇය යළි දිවයිනට පැමිණෙන විට නාමයෝජනා භාරදීම සඳහා ලබාදී ඇති කාලය අවසන්ය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us